IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘පෙම්වතුන්ගේ දිනයක් එපා‘ : ‘ධර්මකාමීන්ගේ දිනයක් ඕනෑ‘

මුලාවන තාරුණ්‍යය දහමින් සනහනු වස් සිදුකරන විශේෂ ‘යොවුන් දහම් සක්මන‘ වැඩසටහන පෙබරවාරි 14 වැනි දා පස්වරු 2 සිට 6 දක්වා කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මහමෙව්නාව භාවනා අසපුව විසින් සංවිධානය කරනු ලබන යොවුන් සදහම් වැඩසටහන විශේෂයෙන්ම ආදරවන්තයින්ගේ දිනයේ මුලාවට හසුවන තාරුණ්‍යය යහමගට යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.



අදහස් (0)

‘පෙම්වතුන්ගේ දිනයක් එපා‘ : ‘ධර්මකාමීන්ගේ දිනයක් ඕනෑ‘

රංගි Sunday, 07 February 2016 01:03 PM

තරුණයන්ව ගොඩ ගන්න කලින් වැඩිහිටියන් ටික හැදෙන්න එපැයි.(කෞ)

:       0       0

මිහිරි Monday, 08 February 2016 06:04 AM

සත්‍ය ලෙසම කෙනෙකුට ප්‍රේම කරනවානම් ඇයි එක දිනයක් දින 365 ම ප්‍රේම කරන්න ඕනනේ නේද? (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 07 February 2016 06:29 AM

පෙම්වතුන්ගේ දිනයට මුද්‍රණය කළ කාඩ් වලට මොකද කරන්නේ? (බ)

:       0       0

චාමර Sunday, 07 February 2016 02:52 PM

බුදු රජුන්ගේ ධර්මය දැනගන්නට තරුණ පිරිසට අවස්ථාව උදාවේවා! සාදූ... සාදූ... සාදූ...(කෞ)

:       0       0

රිකී Sunday, 07 February 2016 08:03 AM

හොඳ වැඩසටහනක්.(හේ)

:       0       0

හිරාන් Monday, 08 February 2016 08:10 AM

ඇයි අපි තාරුන්‍යය තේරුම් ගන්න බලන්නේ නැත්තේ. හැමදේම නරක විදියට දකින්න එපා. ඔවුන්ව තේරුම් ගන්න. තරුණ කාලය ආයෙත් එන්නේ නැහැ. (අ)

:       0       0

අනුර Sunday, 07 February 2016 09:50 AM

වැලන්ටයින් කියන්නේ රෝමයේ හොරෙන් තරුණ තරුණියන් විවහ කල පුජකතුමෙක්.එතුමට අන්තිමට උනේ මරණ දඩුවම.අපි එදාට කරන්න ඕනේ එතුමාව සිහිකිරිමි.(කෞ)

:       0       0

රොහාන් Sunday, 07 February 2016 10:08 AM

මෙන්න හොද වැඩ නමුත් කෝ මේවට ප්‍රතිචාර, බයිලා කියන කට්ටිය කැමති නැහැ වගේ අදහසට. (බ)

:       0       0

චන්න Monday, 08 February 2016 02:12 AM

සැබෑ ප්‍රේමයට දින 365 ම වෙන්කරමු. සැබෑ ධාර්මික බවට එම දින 365 ම කැපකරමු. (නි)

:       0       0

සොපි Sunday, 07 February 2016 11:49 AM

ප්‍රේමය යනු කාමය ලෙස හඳුනාගෙන බාල මාධ්‍ය ආයතන විසින් ගෙනයන සාටෝප ප්‍රචාරයන්ට රැවටී සිටින අපේ සමහර තරුණ තරුණියන්ට මොන පෙම්වතුන්ගේ දිනද ........?(කෞ)

:       0       0

උදේනි අනුෂ Sunday, 07 February 2016 11:42 AM

අතටම අද කාලීන අවස්ථාවක් මුලා උන යෞවනයට හ‍රි මග පෙන්න දීමේ යුතුකමට මුලපිරිම සතුටක්....... (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site