IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පබසරා ඉන්න තැන හොඳට හිනාවෙන්න පුළුවන්

2016-03-07-ent-99

 

පබසරාව මුලින්ම හමුවුණ හැටි මතකද?

2016-03-07-ent-101පබසරාව මට මුලින්ම මුණගැහුණේ  DVD Film එකක් කරන්න ගිහින්. ඊට කලින් මම පබසරා ගැන දැනගෙන හිටියා. නමුත් ආශ්‍රය කරලා තිබුණේ නැහැ. දැනහැඳුනුම්කම ඇති වුණේ DVD Film එක කරන්න ගිහින්. ඊට පස්සෙ ඉතිං දිගටම යාළුකම තියෙනවා. ඒ අතරතුර තමයි දැන් ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන "භව චක්‍ර" නාට්‍යයේ බිසෝමැණිකගේ යාළුවගෙ චරිතෙට කෙනෙක් හොය හොයා හිටියේ. එතකොට මම කිව්වා පබසරාව ගමු කියලා. ඒ විදිහට තමයි පබසරා &භව චක්‍ර* නාට්‍යයට එකතු වුණේ.

 

යාළුකමට දැන් කොච්චර කල් වෙනවද?

අවුරුදු 3ක් වගේ. ඔය අවුරුදු තුන ඇතුළ නිතර නිතර වගේ අපි මුණගැහුණා. "භව චක්‍ර" නාට්‍යයත් එක්ක තමයි ගොඩක් ළඟින් වැඩ කරන්න ලැබු‍ණේ.

 

ඔයාට හැඟෙන විදිහට පබසරා මොනවගේ කෙනෙක්ද?

මම කැමති විවෘතව කතා කරන අයට. අඩුපාඩුවක් පෙන්වලා දෙනවා නම් මම හරි ආසයි. පබසරා එහෙම චරිතයක්. මම කරන දේක වැරුද්දක් දැක්කොත් "අක්කේ ඕක වැරදියි" කියලා කියනවා. සමහර වෙලාවට පබසරා විවෘත වැඩියි. මට නම් එයා ඇත්තටම හොඳයි. එයාගේ විවෘතභාවය සමහර විට තව කෙනෙක්ට වැරදියට පේන්නත් පුළුවන්.

ඇත්තටම ගත්තොත් අපි තාම නවකයොනේ. සමහරු ඉන්නවා නිහතමානීකම හරි අඩුයි. ඒ වුණාට පබසරා පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්.

 

Location ඒකක පබසරා අනිත් අයත් ඒක්ක වැඩකරන්නෙ කොහොමද?

එයත් එක්ක වැඩකරන්න ලේසියි. Drama එකක් කියන්නෙ Team work එකක්. ඒ වගේ දෙයකදී ඕනෑම කෙනෙකුට පබසරා එක්ක හොඳින් වැඩකරන්න පුළුවන්.

 

පබසරාගේ රංගන හැකියාව ගැන මොනවද කියන්න තියෙන්නෙ?

මම දැකලා තියෙන විදිහට පබසරා වැඩිපුර කැමති Western චරිතවලට. මම ආසයි පබසරා ගැමි චරිතත් කරනවනම්. බටහිර පන්නයේ චරිතයක් ලැබුණම එයා හරි ආසාවෙන් කියනවා ඒ ගැන. ඊටත් වඩා හොඳට එයාට ගැමි චරිත කරන්න පුළුවන් කියල මට හිතෙනවා.

 

නවකයන් අතරේ පබසරා වෙනස් වෙන්නෙ මොනවගේ දේවල් වලින්ද?

මෙහෙමයි. කලාව තුළ ඉදිරි ගමනක් යනව නම් ඒකට ආදරයක් හා ගෞරවයක් තියෙන්න ඕනෙනේ. පබසරාගේ මම ඔය කාරණා දෙකම දකිනවා. සමහරු ඉන්නවනෙ "මම රඟපාන්නෙ සුදු චරිත විතරයි" කියලා සීමාවන් දාගත්ත. හැබැයි පබසරා එහෙම නැහැ. මම දකිනවා එයාට හොඳ චරිතාංග නිළියක් වෙන්න පුළුවන්.

 

Location වල අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

ඇත්තටම කිව්වොත් පබසරා ටියුබ් ලයිට්. ටිකක් වෙලා ගිහින් තමයි හැමදේම තේරුම් ගන්නෙ. ඉතිං එයා ඉන්න තැන හොඳට හිනාවෙන්න පුළුවන්. ඒ වගේම තමයි පබසරා වතුරට හරිම බයයි. වතුර දැක්ක ගමන් කියනවා. "අනේ වතුරේ බැහැලා ඉන්න Seen නම් මට බැහැ" කියලා. සමහර වෙලාවට අපි බොරුවට කියනවා &පබසරා, අද ඔයාට තියෙනවා ගඟේ බැහැලා නාන Seen එකක් මොකද කරන්නෙ කියලා. ඉතිං ඕක ගැන එයා දවසම කල්පනා කරනවා.

 

පබසරාගේ Fashion කොහොමද?

අම්මෝ, පබසරා හොඳට Fashion කරන කෙනෙක්. මම වගේ නෙවෙයි. එයා හරි කැමති Fashion වලට. දවසින් දවස අලුත් දේවල් කරලා බලනවා. හොඳයි. ලස්සනයි.

 

රංගනයට අමතරව පබසරාගේ වෙනත් හැකියාවක් මොනවද?

පබසරාට සින්දු කියන්න පුළුවන්. විදෙස් සංචාරවලටත් කිහිප සැරයක් සහභාගී වුණා.

 

රංගන ක්‍ෂේත්‍රය තුළ පබසරා මොනවගේ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නවා දකින්නද ඔයා කැමති?

මම කැමතියි පබසරා "ජනප්‍රිය" කියනවට වඩා චරිතාංග නිළියක් විදිහට ඉස්සරහට යනවා දකින්න. මොකද එයාට චරිතයක් කරන්න Talent එකක් තියෙන කෙනෙක්. මට හිතෙන්නෙ එයා තාම ඒ හැකියාවෙන් ප්‍රයෝජන අරන් නැහැ. ඉතිං කොහොමහරි චරිතාංග නිළියක් වෙන්න කියලා මම එයාට කියනවා.

 

පබසරාගේ ස්වභාවයත් එකක් එයාට මොනවගේ Partner කෙනෙක්ද ගැළපෙන්නෙ?

මේ දවස්වල අපි දෙන්නා වැඩියෙන් කතාවෙන ප්‍රශ්නෙත් ඒක. පබසරා හරියට Caring. ඒ දේට කැපවෙලා වැඩ කරන කෙනෙක්. ඒ වගේම එයා ඒකට Reply එක බලාපොරොත්තු වෙනවා. ඉතිං ඔය හැමදේටම ඔරොත්තු දෙන කෙනෙක් තමා එයාට ගැළපෙන්නෙ.

 

 

2016-03-07-ent-100

 

පබසරා, නුවනිගෙයි ඔයාගෙයි යාළුමිත්‍රකම ඇතිවුණේ කොහොමද කියලා මුලින්ම කතා කරමු?

නාට්‍යයක් කරන්න ගිහිල්ලම තමයි හමුවුණේ. ඊට කලින් ඉඳලම කතා කරලා, මුණගැහිලා තියෙනවා. එයා මට හරි ආදරෙයි. තමන්ගෙම නංගි කෙනෙකුට 2016-03-07-ent-102
වගේ තමයි නුවනි අක්කා මට සලකන්නෙ

 

නුවනිව හොඳ යාළුවෙක් විදිහට තෝරගන්න ඔයා එයා තුළ දැකපු විශේෂත්වය මොකක්ද?

යාළුවෙකුටත් වඩා එයා මට සහෝදරියක් වගේ තමයි දැනෙන්නෙ. එයා මගේම අක්කා වෙනවනම් හරි හොඳයි. ඒ තරමටම මම එයාට ආදරෙයි. ඕන කෙනෙකුට එයා එහෙමයි. කතා කරන්නෙ වුණත් හරි ආදරණීය විදිහට. හරිම සුහදශිලීයි. ආඩම්බරකමක් නැහැ.

 

Location එකක ඔයාට නුවනිගෙන් ලැබෙන්නෙ මොනවගේ සහයක්ද?

දැනට විකාශය වෙන්නෙ භව චක්‍ර ටෙලි නාට්‍ය. ඒකටත් අක්කා කතා කළේ. ඒ කතා කරද්දිත් මෙහෙම චරිතයක් තියෙනවා සුද්දි කියලා, මේ මේ විදිහට තමයි චරිතය විකාශය වෙන්නෙ කියන දේ එයා මට පහදලා දුන්නා. මොකද එයාට Script එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. උදේට Set එකට ගියාමත් තියෙන Seen ගැන පැහැදිලි කරනවා. ඒ තැනකදි වුණත් කිසිම ඊර්ෂයාවක් නැතිව දැනුම බෙදා දෙනවා.

කැමරා එකට යන්න කලින් අපි දෙපාරක් තුන්පාරක් දෙබස් පුහුණු වෙනවා. එයා ඉන්නවා කියන්නෙ ලොකු ශක්තියක්.

 

නුවනිගේ acting ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නෙ?

නුවනි අක්කට හොඳ මතක ශක්තියක් තියෙනවා. අනික තමයි වරදින්නෙ නෑ. එක Take එකෙන් වැඩේ කරනවා. ඒ චරිතෙට ඕන විදිහට හැඩගැහිලා තමයි පටන් ගන්නෙම. විශේෂයෙන්ම මම කැමති එයාගේ Love seen acting වලට. හරිම ලස්සනට කරනවා. ඒ feel ඒක ඇඟට අරගෙන කරන්නෙ.

 

එයාට වැඩියෙන්ම ගැළපෙන්නෙ මොනවගේ චරිතද?

නුවනි අක්කට ඕන එකක් කරන්න පුළුවන්. දැනට යන Drama ගත්තම ඒක තේරෙනවා. ඒ වගේම තමයි එයාගේ Costume එකත් එක්ක ගැමි චරිත මාර විදිහට ගැළපෙනවා.

 

රංගනයට අමතරව එයාගේ වෙනත් දක්ෂතාවක් ඔයා හනගෙන තියෙනවද?

රංගනයට අමතරව නම් එයාට හොඳට කතා කරන්න පුළුවන්. මම හිතන්නෙ එයා නීති අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියටම ගිහින් තියෙන නිසා වෙන්න ඇති ඒ. සින්දුවක් වගේ කියනවනම් මට කවදාවත් ඇහිලා නෑ. Acting වලට අමතරව මම දන්නෙ නම් Law ගැන තමයි.

 

Set එකකදී වුණ විශේෂ දේවල් නැද්ද?

මෙහෙමයි මට නම් සමහර දේවල් එකපාර තේරෙන්නෙ නෑ. ඉතිං ටිකකින් ආයෙ අහනවා මොකක්ද කිව්වේ කියලා. හැබැයි නුවනි අක්කට එහෙම නෑ. හොඳට තේරෙනවා. ඉතිං Set එකේදි කොයිවෙලාවෙත් හිනායන දේවල් තමයි වෙන්නෙ.

 

නුවනි විලාසිතාවලට උනන්දුයිද?

එයා ගොඩක් වෙලාවට make up, heavy Dress, heavy jewelries පාවිච්චි කරන්නෙ නෑ. එයා කැමති හරිම සරල විදිහට ඉන්න. ගොඩක් විසිතුරු දේවල්වලට නුවනි අක්කා කැමති නෑ. එයාගේ ලස්සන තියෙන්නෙත් බොහොම සරලව ඉන්නකොට තමයි.

 

නුවනිගේ හැකියාවන් එක්ක අනාගතයේදී මෙනවගේ තැනකට එයාට යන්න පුළුවන් වෙයිද?

දැනටමත් එයා ගොඩක් ප්‍රේක්‍ෂකයෝ ආදරය කරන කෙනෙක්වෙලා ඉන්නෙ. මම කැමතියි භව චක්‍ර නාට්‍යයේ එයාගේ චරිතයට ඉදිරියේදි මොකක් හරි සම්මානයක් ලැබෙනවනම්. එයාට තව ඉස්සරහට යන්න ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නෙ.

 

ආශිකා

hadarasa

 



අදහස් (0)

පබසරා ඉන්න තැන හොඳට හිනාවෙන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site