IMG-LOGO

පාප් දෙනම ශාන්තුවරයට

දෙවැනි ජුවාම් පාවුළු හා විස් තුන් වැනි ජුවාම් හිටපු පාප්තුමන්ලා දෙදෙනා ශාන්තුවරයන් වශයෙන් ප්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශයට පත් කළහ.

වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි දහස් ගණන් බැතිමත්හු අත්පොළසන් දෙමින් ‘ආමේන්‘ යනුවෙන් කියමින් ආසිරි පැතූහ.

හිටපු පාප් වහන්සේ දෙනම විසිවන සියවස ආලෝකවත් කළ යුග පුරුෂයන් දෙදෙනකු බවත්, ඔවුන් නිර්භීත පුරුෂයන් බවත් සිය කෙටි දේශනයේ දී ෆැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කළහ.

වතිකානයේ ශාන්ත පීතර චත්‍රරශ්‍රයේ පැවැති මෙම උත්සවයට සොළොස් වැනි බෙනඩික් පාප් වහන්සේ ද පැමිණියහ.

පාප්වහන්සේලා දෙනමක් දේව මෙහෙයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව  ද, හිටපු පාප් වහන්සේලා දෙනමක් එකවර ශාන්තුවරුන් වශයෙන් ප්‍රකාශයට පත් කැරුණු ප්‍රථම අවස්ථාව   ද එය විය.

මේ අවස්ථාවට ස්පාඤ්ඤ රැජින ඇතුළු රාජකීයයෝ ද, සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ ඇතුළු රාජ්‍ය නායකයෝ ද කාදිනල්වරු 150ක් හා බිෂොප්වරු 700ක් ද සහභාගී වූහ.



අදහස් (0)

පාප් දෙනම ශාන්තුවරයට

gamini Monday, 28 April 2014 07:59 PM

දහසකුත් ජනී ,ජනයාගේ ආත්මික සහජීවනයට මග පැදු,ඔබ දෙපලට ,සුදතුම්ගේ වරම් නොඅඩුව ලැබේවා !!! (ත)

:       0       0

ගිම්හානි Tuesday, 29 April 2014 10:27 AM

දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සියල්ල සිදු වේවා. ජේසු පිහිටයි. (ස)

:       0       0

පැට්‍රික් Tuesday, 29 April 2014 11:23 AM

දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ. (ස)

:       0       0

රන්ජිත් Monday, 28 April 2014 05:14 PM

මම ඉතාමත් වගකීමෙන් මේ වැදගත් ඓතිහාසික කටයුත්ත අගය කරමි. ජේසු පිහිටයි! (නි)

:       0       0

ධම්ම Monday, 28 April 2014 05:44 PM

යහපත් දේ සිදුවෙන විට සිතට සැනසිල්ලක් දැනෙනවා. අදහන ආගම එයට අනුපාන සපයනවා. (නදී)

:       0       0

රනුක Monday, 28 April 2014 05:50 PM

ජේසු පිහිටයි! (නි)

:       0       0

මංජු Monday, 28 April 2014 05:53 PM

ජේසු පිහිටයි! (නි)

:       0       0

සම්පත් Monday, 28 April 2014 05:08 PM

වඩාත් හොඳ වන්නේ ආගම අනුව ජීවත් වෙන්න මිනිස්සුන්ට කියාදීමයි (නි)

:       0       0

සුගත් Tuesday, 29 April 2014 08:34 AM

ඔබතුමලගෙන් ලොවටම සෙතක් වේවා. (ස)

:       0       0

චමිල් Monday, 28 April 2014 06:44 PM

සියලු දෙනාටම ජේසු පිහිටයි (ත)

:       0       0

ඉස්මිල් Tuesday, 29 April 2014 09:24 AM

ඔබ දෙදෙනාට අල්ලාහ් දෙවි රැකවරණයි. (ස)

:       0       0

ඔසී Monday, 28 April 2014 07:34 PM

මේ නව ශාන්තුවරයන් වහන්සේලාගෙන් මුළු ලොවටම පිහිට අත්වේවා! (නි)

:       0       0

අභේ Monday, 28 April 2014 07:50 PM

බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 113 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 502 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 265 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site