IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි

(කාංචන කුමාර අරියදාස)

යම් අපරාධයක් කිරීමට  පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

විදුලි ඩෙටනේටර් පහළොවක් ඇමෝනියන් ග්‍රෑම් පන්සියයක්  පුරණ ද්‍රව්‍ය පිරවූ ජෙල් කරලක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක් ද සොයා ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා සඳහන් කළේය.

දඹුල්ල නගරයේ කැකිරාව බස් නැවතුම්පොළ අසල සිවිල් ඇඳුමෙන් රැඳී සිටිම පොලිස් නිලධාරින් කිහිප දෙනකුට මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳව සැක සිති පරික්ෂා කිරීමේදී මෙම පුපුරන්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී තිබෙ.

අත් අඩංගුවට ගත් පුද්ගලයන් රත්නපුර සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි 43 සහ 33 වයස්වල පසුවන අය බවත් පොලිසිය කියයි.

මෙම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කොට ඇත්තේ දියබෙදුම ප්‍රදේශයේ නිධානයක් ලබා ගැනීමට ගලක් පුපුරවා හැරීම සඳහා මේවා රැගෙන එන බවය.

කෙසේ වෙතත් ඔවුන් කරන ප්‍රකාශය සනාථ කර ගැනීමට තරම් සාක්ෂි නොමැති බවත් දඹුල්ල නගරයේ ඉදිරි දින කිහිපයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන මහජන රැළි කීපයක් පැවැත්වීමට නියමිත තිබෙන නිසාවෙන් ඇතැම් විට මේවා ජනතා රැස්වුන ස්ථානවල කුමන හෝ අපරාධයක් සිදු කිරීම සඳහා රැගෙන ආවේ දැයි යන්න බරපතළ සැකයක් මතුවන බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් දෙදෙනා පිළිබඳව කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට  රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම ක්‍රියාත්මක කරන බව දඹුල්ල පොලිසිය පවසයි.

මෙම විදුලි ඉඩටනේටර් 15 මගින් විනාශ කාරී බෝම්බ 15 ක් නිපදවීමට හැකියාව තිබෙන බවද මෙම පුද්ගලයන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් කිරීමට අවශ්‍ය බවත් කුමන කාරණයක් සඳහා මේවා රැගෙන ආවේදයක්ද අනාවරණය කර ගැනීමට හැකියාව ඇතැයි පොලිසිය විශ්වාසය පළ කර සිටියේය.

 



අදහස් (2)

පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි

achini Saturday, 07 September 2024 02:15 PM

රට බේරාගැනීමේ අවසන් අවස්ථාව එන්නද යන්නේ ආයෙත්?

:       6       17

Kazi Shajahan Saturday, 07 September 2024 03:21 PM

ඔය පිටුපස ආණ්ඩුවේ දඹුල්ලේ දේශපාලන හස්තයක් තියෙන්න පුළුවන්... දැන් පරාජයෙන් වියරු වැටිලා ඉන්නේ....

:       7       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 686 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site