IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාපැදියක යද්දී ලොරියේ ගැටී මරුට

කොළඹ - නුවර මාර්ගයේ පිළිමතලාව ආසන්නයේදී පා පැදිකරුවකු මර්ගයේ නවතා තිබු ලොරි රථයක පැති කන්නාඩියේ වැදි සිදුවු තුවාල හේතුවෙන් මියගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.

ඉලුක්වත්ත හේනේගෙදර වත්තේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ චමින්ද (23) යන අයෙකි. අද (29) අලුයම 12.45 පමණ මෙම අනතුර සිදුවි ඇති අතර තම නිවස අසල ලොරි රථය නවතා එහි හිමිකරු නිවසට ගොස් සිටි අවස්ථාවේදී මහනුවර දෙසට පා පැදියෙන් ගමන් ගත් මෙම පුද්ගලයා ලොරි රථයේ පැති කන්නාඩියේ වැදි එහි යකඩ රදවනය ගෙල ප්‍රදේශයේ වැදීමෙන් තුවාල සහිතව සිහිසුන් සිටි බවත් කඩුගන්නව දිස්ත්‍රික් රෝහලට ඇතුල් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් රෝහල් ආරංචි කියයි.

 



අදහස් (0)

පාපැදියක යද්දී ලොරියේ ගැටී මරුට

සරත් Tuesday, 29 September 2015 03:31 PM

මෝටර් සයිකල් වල ගිහින් නැති වෙන තරුණ ජීවිත ගැන දැක්කහම පුදුම දුකක් ඇතිවන්නේ .රජයට මේවට වැඩ පිළිවෙලක් නැහැ. වෙන රට වල නම් මෙතරම් මාරාන්තික අනතුරු වෙන්න හේතු හොයල බලල පිළියම් කරලා මෙලහකටත් .(බ)

:       0       0

ජයනාත් Wednesday, 30 September 2015 07:29 AM

ලංකාවේ රිය පැදවීම වගේමයි නවතා තැබී මුත් ..! අනුනට අවහිරයක් වන පරිදිමයි බොහෝ විට සිදු කරන්නේ. කෙටි දුර ධාවන පුද්ගලික බස් වල නම් අන්තිමයි,පාර අවහිර වෙන්නමයි නවතන්නේ...දැන් පා පැදි වල රාත්‍රී ආලෝකයන් දල්වන්නේ නැති තරම් .නීතියෙන් හොයලා බැලිල්ලකුත් නැහැ.අපේ කාලේ නම් රැ ට ලියිට් නැතුව ගොහින් පොලිසියට අහුවුනොත් බයිසිකලේ රීම් එකෙන් යවනවා. එය හොද පාඩමක් ...!(ම)

:       0       0

වසන්ජය Tuesday, 29 September 2015 07:59 PM

ලොරි රථයේ රියැදුරු මඟ අවහිර වනසේ ලොරිය නවතා තැබුවාද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 30 September 2015 02:20 AM

ලොරියත් මේකට ටිකක් හරි වගකිවයුතු නැද්ද? (බ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 30 September 2015 09:00 AM

බොහොම නීතිගරුක සහ ශිලාචාර විදියට වාහන නවත්වන අය දැක ගන්ට ඕනෙනම් සමහර පාසල් ලඟට ගියහම ඇති. (ර)

:       0       0

අමිල Wednesday, 30 September 2015 02:55 AM

මෙයා ගිහිල්ල තියෙනේ පාපැදියක .මේක තනිකරම කරුමෙට වෙච්චි දෙයක් (ම)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 30 September 2015 03:22 AM

බොහොම කණගාටුදායක මරණයක්. මහා මග සිදුවෙන සමහර මාරක අනතුරුවලට හේතුව වාහනය හසුරුවන්නට නින්ද යාම. වෙලාව සඳහන් කර තියෙන නිසා මට හිතෙනවා පා පැදි කරු නිදිමතේ ගියා වත්ද.? කියල. ඔහුට නිවන් සුව පතමි. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 04:09 AM

තමන්ගේ ආරක්ෂාව ගැන පා පැදිකරු අවධානය යොමු නොකිරීම අවාසනාවක්. අනවධානය නිතියෙන් නිවැරිදි කරන්න බැහැනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 410 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site