විහාර දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් හිටපු ජනපති විසින් අත්හිටුවීමෙන් පසුව විශේෂ වරප්‍රසාදයක් ලෙස රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ බවට පත්ව වසර 9ක් සේවය කළ ඌව විපක්ෂ නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳුදා(16) එම පදවියෙන් ඉවත්වීමට නියමිතය.
හිටපු ජනපති විසින් අත්හිටවූ එම බලතල නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කැරිණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග තමා ඉවත් කැරුණු බවත් එහෙත් දිගටම සේවය කරන ලෙස බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතා පැවසූ බවත් කතරගම කටුපේදී පැවැති සමුගැනීමේ උත්සවයේදී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීවේය.
තම ඉල්ලීම අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් දෙසතියක් පුරා දේවාලයේ චංචල, නිශ්චල දේපළද මුදල් පිළිබඳවද පරීක්ෂණයක් කළ බවත් සත පහක වංචාවක් සිදුනොවූ බව ඔවුන් පැවසූ බවත් රාජපක්ෂ මහතා කියයි.
රාජපක්ෂ මහතා දේවාලයේ සියලු දෙනාගෙන් සමුගත් අවස්ථාවේ හැඟීම්බර විය. දේවාලයේ කපු මණ්ඩලය, රාජකාරි මණ්ඩලය, ආලත්ති අම්මාවරුන්, බැති පෙළ, ආරක්ෂක අංශය, පෙරහර මණ්ඩලය, මහ බෙත්මේ හා කුඩා බෙත්මේ රාජකාරිකරුවන්ගෙන්ද, කතරගම පොලිසියෙන්ද, මාධ්‍යවේදීන්ගෙන්ද සමුගත් ඔහු පැමිණි සැමටම පිත්තල පහනක් තිළිණ කළේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිපෙත රණවරා ගස මල් මතක ඉම - සසිඳු නිලමෙ හැර යයි අද කතරගම
සම්පත් දිල්ලිමුනි ලන්ඩන් නුවර සිට Monday, 16 March 2015 08:17 AM
පිරිනු හදින් සුවද සිතින් මල් වරුසා වැටෙනවා කතරගමේ දෙවිදු උනත් ඔබ හට ගරු කරනවා මිනිසුන්ගේ ලෝකයේ ඔබ දෙවියෙක් උනා වගේ අසිරි ගෙනෙමි හෙට රජ වන්නට අපේ මව් භුමියේ !!!!! (බ)
විජයබාහු Monday, 16 March 2015 09:44 AM
කෝ එතකොට මේ කළයි කිව්ව හොරකම්. මෙහෙමත් මඩ ගැහිල්ලක් (බ)
සී පරණවිතාන Monday, 16 March 2015 03:51 AM
ශෂින්ද්‍ර ඔබ ඉටු කළ සේවය විශිෂ්ඨයි (නදී)