IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පැනි බීම බී සිසුන් දහයක් ලෙඩ වෙලා

(සුරංග රාජනායක)

පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පංතියට සහභාගි වී සිටි හතර වසර සිසුන් දස දෙනකු පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසු අසාත්මිකතාවයට ලක්ව ඔවුන්  ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයේ සිසුන් පිරිසකි.

කුඩා ගැහැණු ළමුන් දෙදෙනකු හා පිරිමි ළමුන් අට දෙනකු මෙම කණ්ඩායමට අයත්ව ඇති අතර සමහර අයට වමනය ගිය බවද ප්‍රකාශ වේ.

පාසල් වෙලාවෙන් පසු ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර සවස් කාලයේදී පාසල තුළම මෙම අතිරේක පන්තිය පවත්වන බව සඳහන්ය.

එහිදී පාසල අසල නගරය තුළ ඇති වෙළඳසලකින් මෙම බිම වර්ග ලබාගෙන සිසුන්ට දී ඇති බව කියයි.

 



අදහස් (1)

පැනි බීම බී සිසුන් දහයක් ලෙඩ වෙලා

Chinthaka Friday, 01 August 2025 04:24 AM

දිද්දෙණිය ප්‍රදේශයේ විසූ ජනප්‍රිය විද්‍යා ගුරුවරයෙකු පාසල් කාලෙන් පසුව පංති පවත්වන්නෙ කිසිදාක වතුර පානය නොකර බනිසක් කාලා පැනි බීම බීලාම තමයි මේ මනුෂ්‍යයා ඒකෙන්ම මළා... දැන් කාලයේ ළමයිනුත් කරන්නේ ඒකම තමයි. මෙම පැනි බීම නැවැත්තුවේ නැත්නම් මහා විනාශයකින් කෙලවර වේවි. පසුගියදා මම ගමනක් යද්දී පංති යන දැරියක් බසයේදි කුඩාබිම බෝතලයක් බෑගයෙන් අරගෙන වතුර වෙනුවට බිව්වෙ පැනි බීමක් .එනිසා ලංකාවෙ සෞඛ්‍ය තත්වය නගාසිටුවීමට ආණ්ඩුවට අවශ්‍යාවක් තියෙනවා නම් නොපමාව මේ ව්‍යසනයට පියවරක් ගන්න ඕනෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site