IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාන් ගණන් උස්සයි

පාන් රාත්තලක මිල බදාදා (13) මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසීය.

ඒ අනුව දැනට රුපියල් 54 ක් වන පාන් ගෙඩියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව ඔහු  කීවේය.



අදහස් (0)

පාන් ගණන් උස්සයි

කමල් Tuesday, 12 January 2016 07:08 PM

මුණසිංහ, බොරු කියන්න එපා. සීනි 87/-යි, හයිලන්ඩ් පිටි 295/- යි. අනෙක් පිටි 325/යි. මුලින්ම කඩේට ගිහිල්ලා බලන්න. (නි)

:       0       0

විජිත් Tuesday, 12 January 2016 07:29 PM

සුමාන දෙකක් ලංකාවේ ජනතාවම පාන් මිලදිගැනීමෙන් වැළකුණොත් මේ බේකරි මුදලාලිලා බඩගාගෙන ඇවිල්ලා මහජනයාගෙන් ඉල්ලාවි "අනේ අපේ පාන් ගන්න පරණ මිලටම .."කියලා. නමුත් ශ්‍රී ලංකාවේ මිනිස්සු අතරේ කිසිම එකතුවක් නැහැ. මොනවා කරන්නද මේක අපේ අවාසනාව... (නි)

:       0       0

අබය Tuesday, 12 January 2016 08:44 PM

පනස් හතර මොකද, පනස් පහ මොකද? ඉතිරි රුපියල කොහොමටත් හම්බවෙන්නේ නැහැනේ.... (නි)

:       0       0

රාධා Tuesday, 12 January 2016 10:39 PM

පාන් පිටි (ඇමෙරිකන් පිටි) වර්ජනය කරමු කියලා තාප්ප වල ලියද්දි වර්ජනය කළා නම් තුන්වේලට බත් කන අපිට පිටි ගණන් ගියාට මොකද? (නි)

:       0       0

සමන්සිරි Tuesday, 12 January 2016 10:51 PM

ලෝක වෙළඳ පොළේ තිරිඟු පිටි මිල, කිරි පිටි මිල විශාල ලෙස පහත වැටිලා තිබෙන වෙලාව පාන් කොච්චරනම් අඩුවෙන්න ඕනෑද? මම හිතුවේ ඒ අඩුවුණ විදිහට පාන් ගෙඩියක් රුපියල් 20 ට විතර පහත වැටෙයි කියලා. (නි)

:       0       0

සොපි Wednesday, 13 January 2016 06:28 AM

පාන් නැත්නම් කේක් කාපල්ලා කිව්වලු ........(ම)

:       0       0

සංජීව Tuesday, 12 January 2016 02:08 PM

කැරකිල්ල වගේ. (ර)

:       0       0

මුණසිංහ Tuesday, 12 January 2016 02:12 PM

යහ පාලන සීනි දැන් 100 යි.295 පිටි දැන් 325 යි.(හේ)

:       0       0

ඇසළ Wednesday, 13 January 2016 12:20 AM

ඕකනේ, අපේ මිනිසුන්ට කොහොම කළත් හරියන්නේ නැහැ. පාන් ගණන් වැඩි නම් කේක්‌ කන්න, සීනි නැතුව තේ බොන්න, මිරිස් නැතුව හොදි කන්න. හාල් ගන්න සල්ලි නැත්නම් බතල මඤ්ඤොක්කා කන්න. ඒකත් බැරිනම් නොකා ඉන්න. යහපාලනයට සහයෝගය දෙන්න. (නි)

:       0       0

ලංකා Wednesday, 13 January 2016 12:35 AM

කොහෙද පාන් 54 ට තිබුනේ. කොහොමත් රුපියල නොදෙන නිසා තිබුනේ 55 ට. පුදුම යහපාලනයක්නේ මේක. (නි)

:       0       0

ඉන්දික Tuesday, 12 January 2016 02:26 PM

රුපියල් වලින් පාන් ගන්න අයට තමා දුක. (ර)

:       0       0

ගමගේ Wednesday, 13 January 2016 01:50 AM

මේකේ තිබෙන ප්‍රකාශ අනුව ලංකා විතරයි පාන් මිල දන්නේ? පාන්ගෙඩියේ මිල අංක වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. පාඩුව පාරිභෝගිකයාට නොවෙයි. මුදලාලිටයි. කවදාවත් මට නම් 54 පාන් ලැබිලා නැහැ. 55ට ගත්තේ (නි)

:       0       0

හේමන්ත Tuesday, 12 January 2016 03:12 PM

බේකරි සංගමේ ද දැන් රට පාලනය කරන්නේ? ඊළගට කවුරු වැඩි කරයි ද දන්නේ නැහැ. (ර)

:       0       0

රුක්ෂාන් ජයවික්‍රම Tuesday, 12 January 2016 04:26 PM

දැනටත් කොහොමත් රු. 55/-ක් ගෙවනවානේ. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 12 January 2016 05:31 PM

සුළු පරිමාණ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති වලට අපේ පාලකයෝ ජනතාව යොමු නොකළහොත් ඔවුන් සුරසැප විඳිද්දී පාන් පෙත්තක් කා බඩගිනි නිවාගන්න බැරි අසරණයින්ට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

චින්තක Tuesday, 12 January 2016 05:58 PM

කෝ මේ අර දුප්පතාගේ හිතවතා, අපේ මුදල් ඇමති? (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 12 January 2016 06:17 PM

මුදල් ඇමතිතුමනි, මේ ගැන බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site