IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පාන් ගණන් ඉස්සුවත් අනෙක් බේකරි නිෂ්පාදන ඉහළ නොයයි

පාන් රාත්තලක මිල රුපියල් 4 කින් ඉහළ ගිය ද අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරිමට ක්‍රියා නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති.එම්.කේ.ජයවර්ධන මහතා පවසයි.

අඩු ආදායම් ලාභි ජනතාවගේ ප්‍රධාන ආහාරය තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන නිසා තම සංගමය පාරිභෝගික ජනතාව කෙරෙහි  අවධානය යොමු කරන බවද ඔහු කියයි.



අදහස් (0)

පාන් ගණන් ඉස්සුවත් අනෙක් බේකරි නිෂ්පාදන ඉහළ නොයයි

විපුල Wednesday, 23 March 2016 04:04 AM

දුප්පත් ජනතාවගේ බඩට ගැහුවා . ජනාදිපති මෙය දන්නවද දන්නේ නැහැ.(කෞ)

:       0       0

චන්දි Wednesday, 23 March 2016 05:41 AM

බේකරි නිෂ්පාදන වල මිල වැඩිවෙන්නේ නැහැ, බර ටිකක් අඩුවෙයි. එච්චරයි. (බ)

:       0       0

රුචිර Tuesday, 22 March 2016 08:08 AM

මදැයි පාන් ගෙඩියත් වැඩි කරා නේද.? (ර)

:       0       0

අසාද් Tuesday, 22 March 2016 08:20 AM

අන්තිමට වෙන්නේ මහජනතාවට බර පැටවෙන එක තමයි. ගිය ආණ්ඩුව වගේ පෞද්ගලික සුබසිද්දිය වෙනුවෙන් මහජනතාවට බර පැටුවොත් මේ ආණ්ඩුවටත් ගෙදර යන්න පුළුවන් වෙයි. සෑමදෙනාම දැන ගත යුතුයි අවසාන තීරකයා වන්නේ ජනතාව බව. (ර)

:       0       0

සෙනරත් Tuesday, 22 March 2016 04:58 PM

ලංකාවේ අඩු ආදායම්ලාභීන් කන්නේ පාන් නැතුව කේක්ද එතකොට? (නි)

:       0       0

අනුර Tuesday, 22 March 2016 08:31 AM

දුප්පත් ජනතාව කන්නේ පාන් තමයි. ,නැතුව බනිස් කනවද ? (ර)

:       0       0

චින්තක Tuesday, 22 March 2016 09:18 AM

ඇමතියන්ගේ පඩි වැඩි වෙනකොට මෙහෙම වෙනවා තමා කොහොමද යහපාලනේ. (ර)

:       0       0

සමන්ති Wednesday, 23 March 2016 12:29 AM

මිල වැඩි නොවුණත් අනෙකුත් බේකරි නිෂ්පාදන වල ප්‍රමාණය එන්න එන්න කුඩා වෙනවා. (නි)

:       0       0

රොකී Wednesday, 23 March 2016 01:58 AM

අනිත් බේකරි නිෂ්පාදනවල මිල වැඩිවෙලා නැහැ කියන්නේ කොහොමද? මම දැන් කඩේකට ගිහින් බනිස් වගයක් ගත්තා. මිල රුපියල් දෙකකින් වැඩි කරලා. කළුතරට සමීප බේකරියකින් කඩේට බඩු දාලා තියෙන්නේ. මිල පාලනයක් නැද්ද? අපිව හූරගෙන කනවා. හැමපැත්තෙන්ම අවාසි වෙන්නේ පාරිභෝගිකයන්ටයි! (නි)

:       0       0

කපිල ඩුබායි Tuesday, 22 March 2016 11:13 AM

මිනිස්සු පාන් ගෙඩිය 4න් වෑඩි උනාට කෑ ගහනවා. ඒත් බස්වල කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල් 5 ගන්නෙ නෑතුව බෑහෑල යනවා. අනේ මන්දා... රුපියල බාල්දු වෙලාද? මිනිස්සු බාල්දු වෙලාද? (ර)

:       0       0

චන්දි Wednesday, 23 March 2016 08:47 AM

පහුගිය ආණ්ඩුව යනකොට භාණ්ඩාගාරය පුරවල ,සියලු ණය පියවල අනෙක් රටවල් වලටත් ණය දීල ගියේ.මහින්ද මහත්තයාට ඡන්දෙ දුන්න ඕන එක්කෙනෙක්ගෙන් අහන්න, ඒ අය පිළිගන්නවා ඇති. එහෙම තිබ්බ ආර්ථිකයක් තමයි මේ ගොල්ලේ එක අවුරුද්දෙන් වට්ටල තියෙන්නේ (බ)

:       0       0

නිමල් ලලිත Wednesday, 23 March 2016 02:53 AM

කමක් නැහැ. පාර්ලිමේන්තුවේ කෑමවල ගණන් ඉහළ යන්නේ නැහැනේ (නි)

:       0       0

ජයන්ත Tuesday, 22 March 2016 11:59 AM

යකෝ මේ කතාව මොකක්ද ? හරියට පාන් නැතුව කේක් කාපන් කිව්වා වගේ කතාවක් නේ මේක. කොහොමද වෙනස? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site