IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාන් ගෙඩියක් 100 දක්වා අඩු විය යුතුයි

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනවා මිස තවත් වැඩි කිරීමට සූදානමක් නැතැයි ද අඩුම තරමින් පාන් ගෙඩියක් රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව  ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

මේ සඳහා රජයේ සහාය බලාපොරොත්තු වන බවත් දැනට අඩාල වී ඇති බේකරි කර්මාන්තය යථා තත්ත්වයට පත්කළ හැක්කේ ද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළහොත් පමණක් බවත් ඔහු කීය .

මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 160ත් 170 සහ ඇතැම් ප්‍රදේශ වල 180 ටත් අලෙවි කරන බව පවසන ජයවර්ධන මහතා එම මිල ගණන් පාරිභෝගිකයාට කිසිසේත් දරාගන්නට නොහැකි බවත් එම නිසාම පාන් බනිස් අලෙවිය සියයට 20ත් 25 ත් අතර ප්‍රමාණයකින් මේ වන විට අඩු වී ඇතැයි ද පැවැසීය .

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට විශාල බලපෑමක් වන අතර මෙය බේකරි කර්මාන්තය බිඳ වැටීමට හේතු වී ඇති බවත් එහෙත් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය නිසා එම බර බේකරි හිමියන්ට ඉතා අපහසුවෙන් දරාගැනීමට සිදුවී ඇති අතර බේකරි කර්මාන්තයට බලපාන විවිධ ගැටලු නිසා 7000 ක් පමණ වන බේකරි වලින් 5000 කටත් වඩා වැසී ගොස් ඇතැයිද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය .

 



අදහස් (5)

පාන් ගෙඩියක් 100 දක්වා අඩු විය යුතුයි

Lalla Monday, 06 March 2023 04:30 PM

පාන් ඕනම නෑ. තව ගනන් උස්සල බරත් අඩුකරපල්ල. ග්‍රෑම් 300ට විතර. දැනටම සමහර බේකරිවල ඒ ගාන තමයි බර. අපි දැනටම ගෙවල්වල බත් හෝ වෙන දෙයකට පුරුදු වෙලා ඉවරයි..

:       0       0

wedage Monday, 06 March 2023 04:38 PM

අපි පාන් ගෙඩියක් රුපියල් 3.50 ට කෑවා ඒ දවස් වල

:       0       0

Prase Monday, 06 March 2023 05:19 PM

අද ජනතාව බුද්ධිමත් තීරණ ගනිමින් සිටිනවා වැඩි කරන්න .බිස්නස් කාරයෝ ට වැඩි කරගන්න දීලා පාන් කෑමෙන් ඉවත් වෙලා උදේට අල බතල මයියොක්කා කන්න පුරුදු වෙමු. එතකොට ඕවගේ මිල නිකන් ම බහී

:       0       0

dhamneth Monday, 06 March 2023 08:57 PM

1994 ආණ්ඩු මාරුවට පෙර පාන් ගෙඩියක මිල සැමවිටම පැවතුනේ පිටි කිලෝ භාගයක මිලයි පිටි කිලෝව රුපියල් 50 නම් පාන් ගෙඩියක් රුපියල් 25 යි

:       0       1

පුෂ්පකුමාර Tuesday, 07 March 2023 11:48 AM

මම නම් තුනයි පනහට නැත්නම් පාන් කන්නෙ නැහැ මයියොක්කා කනවා. මහින්දලා වාසුලා මුලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගත්ත කාලයේ අගහරුවාදා හා සිකුරාදා බත් කන්න තහනම් කල නිසා අපි මයියොක්කා කන්න පුරුදු වුනා පාන් නැතුවට අපිට ඒවා කන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site