(රන්ජන් කස්තුරි)
සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000 ලබාදීම නැවතත් අද (15) සිට ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 5000 ලබා නොගත් පවුල්වලට අද සිට ඉදිරි දිනවලදී එම ආධාරය ලබාගත හැකි බව ද අමාත්‍යවරයා කියයි.
මේ අතර රාමසාන් උපාසයේ නිරත අඩු ආදායම්ලාභී පවුල්වලට ද එම රුපියල් 5000ක දීමනාව හිමිවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
COMMENTS