IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පනහක් පොකට් ගසා හොඳට පරිප්පු කයි

වසර දහයකට පෙර කොල්ලුපිටියේදී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් පනහක් පිට් පොකට් ගැසූ තරුණයෙක් ඇප දීමට නොහැකිව මාස තුනක් රිමාන්ඩ් බාරයේ ද සිට අද නිදහස ලැබීය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නඩු වාර්තාව මුල සිට පිරික්සා ඔහුගෙන් කරුණු විමසා ඔහුට අවවාද කර මුදා හළේය.

මෙම චෝදනාවට ඔහු වරදකරු බව ද කළින් කියා තිබිණි.

අකුරැස්සේ ඉන්දික මධුරංග (38) එම පුද්ගලයාය.



අදහස් (0)

පනහක් පොකට් ගසා හොඳට පරිප්පු කයි

කුශාන්ත Wednesday, 29 May 2013 04:32 PM

අයියෝ සල්ලි

:       0       0

රංජනී Wednesday, 29 May 2013 05:01 PM

තුන් මාසයකට රිමාන්ඩ් කළා නම් හොදටම ඇති. (නි)

:       0       0

ටානියා Thursday, 30 May 2013 01:12 AM

මට හිතා ගන්න බැරි අවුරුදු 10 ට පෙර කරපු දෙයකට දැන් දඩුවම් ලැබුනේ කොහොමද ? රුපියල් 50හෙ නඩුව අවුරුදු 10ක්ම ඇහුවද ..? (නි)

:       0       0

ජීවක Thursday, 30 May 2013 01:12 AM

රුපියල් 50 ක් කළත් කෝටි 5 ක් කළත් හොරකම හොරකමම තමයි.අත පය තියෙද්දී කම්මැලිකමට, ලේසියට අනුන්ගේ සල්ලි හොරකම් කරලා ජීවත් වෙන තක්කඩියන්ට ඔහොම දේවල් තමයි වෙන්න ඕනෑ.ඔය කියන මිනිහා උස්සපු රුපියල් 50 බස් එකේ යන්න තියාගෙන හිටිය සල්ලි නම් ඒ කාන්තාව කොයිතරම් පීඩනයකට එය පත් වෙන්න ඇද්ද? (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 29 May 2013 05:23 PM

ඔය මිනිහ හිරෙන් එලියට ආවට ආපහු පොකට් ගහනවා. මොකද රස්සාවක් නැහැ. වියදමට මුදල් නැහැ. හිරේම තියා ගන්න තිබුනේ.(නදී)

:       0       0

ජ.හේරත් Wednesday, 29 May 2013 05:21 PM

තෝරු මෝරු කෝටි ගණන් පිල්ලි යවන රටේ රුපියල් පනහට මිනිහෙක් හිරේ මෙහෙම රටක් ලෝකේ වෙන තියෙනවානම් කරුණාකරලා මට කියනවද ?(නදී)

:       0       0

කිත්සිරි Wednesday, 29 May 2013 05:48 PM

අකුරැස්සට ආපහු යන්න රුපියල් දෙතුන් සීයක් යනවා. ම්ම්ම්... ආපහු ඇතුලට දායිද? (නි)

:       0       0

මල්කා Wednesday, 29 May 2013 06:20 PM

ඒ කියන්නේ අවුරුදු 10ක් නඩුව ඇහුවද? (නි)

:       0       0

උපාලි Thursday, 30 May 2013 04:15 AM

ලලිත්, එයාව පුනරුත්ථාපනය කරන්න බැහැ දැන්. පිටිගල මිලානෝ සඳහන් කරන පාඨමාලාව එයා දැන් හදාරලා ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රායෝගික අභ්‍යාස පටන් ගන්නයි. (නි)

:       0       0

දම්මික Wednesday, 29 May 2013 07:19 PM

වසර 10ක් තිස්සේ නඩු අහනවා???? (නි)

:       0       0

නිලුපුලි Thursday, 30 May 2013 07:10 AM

බරපතල වරදක් නේ.තීන්දුව දීගන්න බැරුව අවුරුදු දහයක්ම ඉඳල.සැහෙන්න සංකීර්ණ ඇති. (දී)

:       0       0

සරත් Wednesday, 29 May 2013 09:06 PM

මෙයා වෘත්තීය පිට්පොකට් කාරයෙක් වෙන්න බැහැ. එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

මිනිපේ Wednesday, 29 May 2013 09:15 PM

හතරට නවා ගත් ප්ලාස්ටික් බැගයක් අත ඇතිව, කෙනෙක් බසයක ගැව සේ නම්, ඔහුගෙන් පරිස්සම් වන්න. ඒ බැගයෙන් තමයි ඔහු ගේ කාර්යය කවර් කරගන්නේ.හුග වෙලාවකට කොන්දොස්තොර, පොකට් කාරය්ව දන්නවා.මෙතැනදී ඔහු අසරණ වෙනවා. (නි)

:       0       0

ඉෂාර Thursday, 30 May 2013 08:18 AM

මහසයුරෙන් වට කෙරිච්ච......... අඹ ගෙඩියක හැඩය ගත්ත......... අරුම පුදුම රටක් තියෙනවා ඕයි....(අ).

:       0       0

වරුණ Wednesday, 29 May 2013 03:43 PM

පේනවනේ ආශ්චර්යය... මිනි 3,4 මරලත් නිදහසේ ඉන්නවා. රු50 ට මාස තුනක් ඇතුලේ (නි)

:       0       0

කසුන් Wednesday, 29 May 2013 09:31 PM

පිටිගල - මිලානෝ මහත්මයාගේ කතාව හරියට හරි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 29 May 2013 03:52 PM

පනහක් වියදම් කරලා කෑම බීම ඉඳුම් හිටුම් සමග මාස තුනක පාඨමාලාවක් ගෙවල් බිඳීම, බැංකු කැඩීම, කප්පම් ගැනීම, කුලියට මිනී මැරීම ගැන විශේෂඥයින්ගෙන්ම. (නි)

:       0       0

ලලිත් Wednesday, 29 May 2013 03:49 PM

එයාව පුනරුත්ථාපනය කරන්න (නි)

:       0       0

අපොන්සු Wednesday, 29 May 2013 04:08 PM

දේශපාලකයෙක්ට හේත්තු වෙලා මිනි මැරුවා නම් මෙහෙම වෙයිද? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 04:20 PM

පවු අහිංසකයා... 50ක් ඉල්ලුවා නම් මම දෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site