IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


පුනරුද ගමනට එක්වන්නැයි කතුන්ට ආරාධනා

(අංජුල මහික වීරරත්න)

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා මෙසේද කියයි.

ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුමයි. 1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසුකාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් විය. 

පසුගිය කාලය පුරා අප රටෙහිද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවීය. ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත්ය. ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන අතරම, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද සිහිපත් කරමි.

දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බව අවිවාදිතය.

එසේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය උදෙසා සමාජ සාධාරණත්වය ඉටුකරමින් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට මෙරට ජනගහනයෙන් 51.7%ක් වන කාන්තාවන් සක්‍රීයව හා ඵලදායීව සහභාගි කර ගැනීමේ සැලසුම් අපි ක්‍රියාවට නංවා ඇත්තෙමු. සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරමින් නිවස, ප්‍රවාහනය, ප්‍රජාව, වැඩබිම, දේශපාලනය ආදී සෑම ස්ථානයකම කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට, වෙනස්කර සැලකීමට එරෙහිව කටයුතු කරමින් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි රජයක් ලෙස ප්‍රමුඛත්වය දී ඇත්තෙමු. 

ඒ අනුව  “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම යන තේමාව යටතේ  “තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක්” මැයෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව මෙහි ලා සිහිපත් කළ යුතුය.



අදහස් (5)

පුනරුද ගමනට එක්වන්නැයි කතුන්ට ආරාධනා

යෝගා Saturday, 08 March 2025 10:35 AM

හාල් පොල් මිලේ හැටියට එක වේලක්වත් හරියට කන්න නැති බව මතක් වෙන නිසා කොසු ඉදල් ඉලපත් එහෙම අතට අරගෙනම පුනරුද ගමනට එක් වෙයි.

:       0       1

රුවන් Saturday, 08 March 2025 10:36 AM

ලංකාවේ 51% කාන්තාවන් වැඩ කරන ජනගහනයෙන් බහුතරයක්ම කාන්තාවන්. චීනයේ වගේ කාන්තා ශ්‍රම බලකායෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. රජය මේ ගැන උනන්දු වෙනවා නම්.

:       0       0

වෑල්ඩින් ආචාර්ය Saturday, 08 March 2025 10:59 AM

ඔව්. ගෑණු ඉක්මනටම අන්දන්න පුලුවන්නේ. පිරිමි නම් ටික ටික තේරුම් ගනිමින් ඉන්නේ. ගෑණු ටිකයි, ළමයි ටිකයි තමයි තාම ඇඳගෙන මෙයාලාගේ ලොන්ඩරි සේවය කරගෙන යන්නේ. සාප වෙනවා හැබැයි හොඳේ...

:       0       1

Toni Saturday, 08 March 2025 12:27 PM

එන්න පච සමඟ එක්වන්න

:       0       1

Asanga Sunday, 09 March 2025 12:18 PM

පුනරුදයට කෙලවෙලා තියෙන්නේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site