(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සදහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් මහතා විසින් ගොනුකරනු ලැබ තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත්තේ නිතිපතිවරයා ය.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත යන්නෙන් පනතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත්, මෙහි 3 සහ 4 වගන්ති මගින් ප්‍රචන්ඩකාරී පුද්ගලයන් කැරලිකරුවන් සහ සැකකරුවන් ලෙස අර්ථනිරීපනය කර ඇති බවත් පෙත්සමෙහි දක්වා ඇත.
මෙම කෙටුම්පතේ ඇතැම් වගන්තීන් මගින් කැරලිකරුවන් ප්‍රචන්ඩකාරීන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර පුනරුත්ථාපන කදවුරකට යොමු කිරීමට විධිවිධාන සලසා ඇති බවත් මෙම පනත් කෙටුම්පත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4, 12 සහ 14 යන වගන්තීන්ට පටහැනි බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා තිබේ.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි: මරික්කාර්ගෙන් පෙත්සමක්