
(යොහාන් භාසුර)
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මිලිලීටර 500 ක වතුර බෝතලයක් රුපියල් 70 ක්, ලීටරය බෝතලයක් රුපියල් 100 ක්, ලීටර 1.5 බෝතලයක් රුපියල් 130 ක්, ලීටර 2 - බෝතලයක් රුපියල් 160 ක් සහ ලීටර 5 බෝතලයක් රුපියල් 350 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
මෙම මස 1 වැනිදා සිට කිසිම නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, වෙළෙන්දෙකු හෝ බෙදාහරින්නෙකු මෙරට බෝතල්කළ පානීය ජලය උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පානීය ජල බෝතල්වලට උපරිම සිල්ලර මිලක්
Nihal Friday, 04 April 2025 09:12 PM
ලංකාවේ ලීටරයක මිල වැටුපට සාපේක්‍ෂව මිල ඉතා අධිකයි. නුපුහුණු කම්කරුවෙකු රුපියල් ලක්ෂ 6 ගන්න ප්‍රංශයේ වතුර ලීටරයක් රුපියල් 60...!