IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පන්නෙයි දේවප්‍රතිමා නඩුව මැයි 4ට කල් යයි

(රොමේෂ් මධුෂංක)

යාපනය පන්නනෙයි වටරවුමේ ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සම්බන්ධ නඩුව මැයි 04 දක්වා කල්දැමීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේය.

නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම පිළිබඳව යාපනය පොලීසිය ගොනුකොට තිබූ නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවට අදාල ප්‍රතිමාව ඉවත්කිරීමට විරෝධය පාමින් යාපනයේ හින්දු සංවිධාන 30 කට අධික ප්‍රමාණයක පූජකවරුන් සහ එම පිරිස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුලු පිරිසක් නඩුවිභගයට සහභාගී වූහ.

අදාල ප්‍රතිමාව නඩත්තුව සහ කිසිදු සංහිදියාවට බාධාවක් නොවන බව කරුණු දැක් වූ නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කෙරුනු අතර පොලීසිය ඉදිරිපත් කර ඇති කරුනු පිළිගත නොහැකි බවටද අධිකරණයට දැනුම්දෙනු ලැබීය.

එමෙන්ම පොලීසිය අදාල දේව ප්‍රතිමාව මගින් නයිනතිව් වෙත පැමිණෙන ජනතාව අතර යම් මහජන සාමායට බාධාවීමක් සංහිදියාවට බාධාවක් වන බවත් තවත රථවාහාන ධාවනයටද ප්‍රතිමාව මගින් බාධාවන් එල්ලවන බවට අධිකරණයට කරුණු දැක්වීය.

අනතුරුව වැඩිදුර නඩුවිභාගය සඳහා නඩුව මැයිමස 04 වනදාට කල්තැබුනු අතර නඩුවිභාගය පැවත්වූ යාපනය අධිකරණය අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවකද් සපයා තිබුණි.

 



අදහස් (6)

පන්නෙයි දේවප්‍රතිමා නඩුව මැයි 4ට කල් යයි

NARAYANA Tuesday, 18 April 2023 06:05 PM

පොලිසියට පිස්සු .මුන් තමයි රට විනාශ කරන්නේ .කාලකන්නි

:       0       2

සෙනෙවිරත්න Tuesday, 18 April 2023 07:49 PM

මොනවද මේ පොලීසියේ වැඩ?

:       1       1

SL Tuesday, 18 April 2023 07:53 PM

සුමන්තිරන්ට ඊළඟ ඡන්දෙන් ඇතුලට එන්න චාන්ස් එකක් දෙන්න පොලිසිය එකතුවෙලා කරපු ගේමක් ද කියලා හිතෙන්නේ මට විතරද? ආගම, ජාතිය, අල්ලාගෙන පාලකයා කරපු නාටක වලින් අවසානයේ දෙමළ කොල්ලෝ /සිංහල කොල්ලෝ/මුස්ලිම් කොල්ලෝ ලක්ෂ ගාණක් මේ රටට අහිමි වුණා. තවත් ඒක පස්සෙම යන අයට. ඒකම කරන කාලකන්නි පාලකයින්ට මොනවා කියන්නද මන්දා...? මේ පාලක පැලැන්තිය මේ රටෙන් පන්නන කල් මේ රට ගොඩඑනවා බොරු...!

:       0       2

Alfread Wednesday, 19 April 2023 06:32 AM

මේ අයටත් මොකක් හරි මඟුලක් කරලා පැටලෙන්නමයි ඕනෑ...

:       0       2

Vira Wednesday, 19 April 2023 08:08 AM

බහුතර දමිල මිනිසුන් සිටින ප්‍රදේශයක මෙම දේව පිළිමය තැන්පත් කිරීම ප්‍රශ්නයක් නම් තව මොන කතාද?මෙවැනි සිදුවීම් තුලින් සාමය බලාපොරොත්තු විය හැකිද ?

:       1       2

fairoos Wednesday, 19 April 2023 12:42 PM

මේක මාර වැඩක්නේ... එක එක අයට ඕන විදිහට මහපාරේ පිළිම තියාගෙන ගියොත් හොඳට හිටියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site