IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පානදුර ඝාතනයට බාලවයස්කරුවෙක් අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම්, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

පානදුර ඇගළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට පසුගිය 31 දා රාත්‍රි තියුණු කඩුවකින් කපාකොටා 23 හැවරිදි පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ද (17) හැවිරිදි පාසල් යන වයසේ දරුවෙක්  අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බව පොලිසිය කීය.

පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී සෙබස්තියන්ගේ මියුරු හසංජය නැමැති 23 හැවිරිදි අයට කඩු පහරවල් 10 ක් පමණ එල්ලකර ඉකුත් 31දා රාත්‍රි  ඝාතනය කර තිබූණි.

පහරදීම සදහා ත්‍රීරෝද රථ දෙකක්  සහ යතුරුපැදි දෙකකින් කණ්ඩායමක් පැමිණ ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී තිබූ අතර, අත්අඩංගුවේ පසුවන සැකකරු, ප්‍රධාන සැකකරුගේ සහයට ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී තහවුරුව ඇති බව පොලිසිය පවසයි .

සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාව  ත්‍රිරෝද රථයකින් හැප්පීමට උත්සාහ කර ඇති බවත් , එය අසල තිබූ CCTV කැමරාවක පටිගතව තිබී එය උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත්බවත් පොලිසිය කීය.

ප්‍රධාන සැකකරු ඇතුළු අනෙක් සැකකරුවන්  සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි .

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.විජේතුංග සහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

පානදුර ඝාතනයට බාලවයස්කරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site