IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පින්තූර මැකුවාට වන්දි ඉල්ලයි

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පිරික්සීමට කතරගම විශ‍්‍රාම ශාලාවට රජයේ රසපරීක්‍ෂක ගිය අවස්ථාවේ ගත් ඡායාරූප දෙකක් ද තමාගේ වෙනත් ඡායාරූප රැසක්ද දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ අණ පරිදි බලහත්කාරයෙන් මකා දමන ලදැයි කතරගම ”ලංකාදීප” වාර්තාකරු එම්.කේ. නන්දසේන, ජනපතිටත්, පොලිස්පතිටත්, මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණින් තම කැමරාව උදුරාගත් සහකාර පොලිස් අධිකාරීවරයකු එහි තිබූ රාජ්‍ය උත්සව රැසක හා ගම්වැසියන්ගේ අවමගුල් උත්සව ඇතුළු නැවත ගත නොහැකි ඡායාරූප රැසක් මකා දැමූ බව කියන නන්දසේන මහතා තමාට වූ අලාභය රුපියල් ලක්‍ෂ දහයක් බවත් මේ ගැන නිසි පරීක්‍ෂණයක් පවත්වා වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලයි.



අදහස් (0)

පින්තූර මැකුවාට වන්දි ඉල්ලයි

නිමා Wednesday, 01 February 2012 09:10 PM

ඒ ව‍ගේ අය තමයි දැන් ලංකාවෙම ඉන්නේ.......මිනිසුන්ගේ නිදහස දැන් නෑ....ඇත්තටම ලංකාවට මේ ‍මොකද වෙන්න යන්නේ......

:       0       0

කේ ඒ එම් ප්‍රසන්න Wednesday, 01 February 2012 09:45 PM

නැවත ලබාගත හැකි මෘදුකාංගයක් අවශ්‍යනම් මාගේ ඊමේල් ලිපිනයට දන්වන්න.

:       0       0

සුදත් Wednesday, 01 February 2012 11:12 PM

රස පරීක්ෂක නිලධාරීන් ආරක්ෂක හේතූන් මත ප්‍රසිද්ධ මාධ්‍ය වල පෙනී සිටින්න අකමැතියි. අනිත් ඡායාරූප මැකීම නම් වැරදියි.

:       0       0

ජගත් Thursday, 02 February 2012 06:47 AM

මකාදැමූ විද්යුත් ලිපිගොනු හෝ මොනයම් දෙයක් නැවත සකසා ගැනීමට ක්‍රම තියනවා. . .

:       0       0

භාතිය Thursday, 02 February 2012 08:28 AM

නැවත සකසා ගැනීම නෙමේ. මේක විමර්ශනයකට ලක් වෙන්න උවමනායි. රටේ නීතිගරුක පුරවැසිය අද කොන් වෙලා..

:       0       0

අරුණ Thursday, 02 February 2012 08:45 AM

රස පරීක්ෂක නිලධාරීන්ගේ ඡායාරූප, ආරක්ෂක හේතූන් මත ප්‍රසිද්ධ මාධ්‍යගත් ඡායාරූප වැරදියි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරි වන්දි නැත මකාදැමූ විද්යුත් ලිපිගොනු හෝ මොනයම් දෙයක් නැවත සකසා ගැනීමට ක්‍රම තියනවා

:       0       0

ලක්ෂාන් Thursday, 02 February 2012 09:02 AM

නරක වැඩක්නේ කරලා තියෙන්නේ. එහෙම ෆොටෝ මැකුව එක වැරදිනේ

:       0       0

අමිල Thursday, 02 February 2012 12:15 PM

ප්‍රශ්නය අත්තේ මකාදැමු පින්තුර නැවත ප්‍රතිස්ථාපනය කරගැනීම නොව අපේ රටේ ජනමාද්‍ය නිදහස මෙන්ම සිවිල් ජනයාගේ මුලික නිදහසද අත්තනෝමතිකව පොලිස් නිලදරයන් විසින් රිසි සේ අහුරා දැමීමය.අද පොලිසිය උසාවියේ කාරිය කොරන්නට ගොස් ඇත.නඩු අසන්නේත් දඩුවම් දෙන්නෙත් පොලිස් කුඩුවේය,මෙයට නිදශන සිය ගණනක් සොයාගත හැක.පොලිස් නිලදාරින් මෙයට වඩා දුරදර්ශිව හා නිතිගරකව සිවිල් ජනතාව වෙනුවෙන් තම රාජකාරිය ඉටුකළ යුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site