තම පිංතූරය අලවා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහනාධාර පාර්සල් ලබාදී ඇති රාජ්‍ය ඇමැතිවරයකුට ඉහළ පෙළේ දේශපාලනඥයකු විසින් තදින්ම දොස් පවරනු ලැබ ඇති බව කියති.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබී තිබූ ලක්ෂ 200 කට ආසන්න භාණ්ඩ තොගයක් තම ගෝල බාලයන්ගේ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ සහාය ලබාගෙන පාර්සල් කර තම ඡුායාරූපයක්ද අලවා මෙම භාණ්ඩ තොගය බෙදාහැර ඇත.
ජනතාව අසීරුවට පත්ව සිටින අවස්ථාවක මනාප වැඩිකර ගැනීමට දේශපාලනඥයන් ගන්නා උත්සාහය ගැන ඉහළ පෙළේ දේශපාලනඥයා තරයේ දොස් පවරා ඇති බව වාර්තාවේ.
අසීරුවට පත් ජනතාවට අවශ්‍යව ඇත්තේ සහනාධාර වන අතර මේ මොහොතේ ඡුන්ද ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ දැරීම නොකළ යුත්තක් බවද ඉහළ පෙළේ දේශපාලනඥයා අවවාදකර ඇති බව කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පින්තූර අලවා සහනාධාර බෙදු දේශපාලකයාට ඉහළින් තරවටුවක්