IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘පින්කල් ශ්‍රී ලංකා‘‘ සම්මාන උළෙලේදී ලංකාදීපයටත් සම්මාන

කොළඹ ගාලුමුවදොරහෝටලයේ පැවැති “පිනකල් ශ්‍රී ලංකා - 2023” සම්මාන උළෙලේදී ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සහ විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සිරි රණසිංහ මහතා පුවත්පත් කලාව වෙනුවෙන් කළ අපරිමිත මෙහෙවර උදෙසා ජීවිත කාලයටම එක් වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය.

සිරි රණසිංහ මහතා වෙනුවෙන් පිරිනැමුණ එම සම්මානය ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රාදේශීය නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ සහ ලංකාදීප වෙබ් අඩවියේ ප්‍රවෘත්ති කර්තෘ අරුණ ශාන්ත කුමාර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පිරිනැමුවාය.

පුවත්පතක හොඳම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිකරගත් ‘ලංකාදීප’ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා එම සම්මානය පිරිනැමූ වේය. 

හොඳම ප්‍රාදේශීය වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිකරගත් ‘ලංකාදීප’ ඇත්කඳුර ප්‍රාදේශීය මාධ්‍යවේදී ජනත් ද සිල්වා මහතාට ආචාර්ය වීරසේකර මහතා එම සම්මානය පිරිනැමූ නැමුවේය.

එම්.යු.ජි.පී. ඉන්ටර්නැෂනල් ඕගනයිශේෂන් ජාත්‍යාන්තර සංවිධානය දෙවැනි වරටත් සංවිධායන කළ සම්මාන උළෙල ගාලු මෝදර හෝටලයේ දී  පැවැත්විණි.

රටපුරා පිහිටි විවිධ ආයතන වෙනුවෙන් මහ ජන සමීක්ෂණවලින් තෝරාගත් හොඳම වෙළෙඳ සන්නාම සහ මාධ්‍ය ආයතවලට ද එහිදී මහජන සම්මාන ප්‍රදානය කරනු ලැබීය.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ අතර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර, හිටපු අමාත්‍ය ජිවන් කුමාරතුංග ජ්‍යෙෂ්ඨ කලාකාරිනි ජයංගනී දික්කුඹුර, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ ඇතුළු කලාකරුවෝ, මාධ්‍යවේදීහු විවිධ ව්‍යාපාරිකයෝ රැසක් ද එම්.යූ.ජී.පී. ඉන්ටර් නැෂනල් ඕගනයිශේෂන් ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් බෙංගමුවේ නාලක හිමි, සභාපති කිත්සිරි ජයරත්න විධායක අධ්‍යක්ෂ ඒ.කේ. නිරෝෂණ් මාධව සහ ජාතික සංවිධායිකා කළ්‍යානි කන්දේගම මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව එක් වූහ.



අදහස් (3)

‘‘පින්කල් ශ්‍රී ලංකා‘‘ සම්මාන උළෙලේදී ලංකාදීපයටත් සම්මාන

samare Sunday, 07 January 2024 09:11 PM

මේක මේ බයියන්ගේ උත්සවයක්නේ.80% කට වඩා නඩු තියෙන බයියෝනේ. කස්ටියම හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවාලා.

:       1       3

සුදේශ් කොඩිකාර Sunday, 07 January 2024 10:00 PM

උණුසුම් සුබ පැතුම් , ලංකාදීපයට ජය වේවා

:       1       0

ජයරත්න වික්‍රමාරච්චි- කරුවලගස්වැව Monday, 08 January 2024 07:10 AM

ලංකාදීපයට සුබ පැතුම්

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site