IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුන්කුඩුතිව් දුපතේ පානීය ජලය සොයා පරීක්ෂණ

යාපනය පුන්කුඩුතිව් දුපතේ පානීය ජල හිඟතාවට විසඳුමක් ලෙස දුපතෙහි පිරිසිදු භූගත ජලධාරා සොයා යමින්  එහි ව්‍යාප්තිය නිර්ණය කිරීමේ කාලීන පර්යේෂණයක් මේ වන විට සිදුකෙරෙමින් පවතී.

යාපනය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.ඩී. රාජසූරියර් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මහාචාර්ය එම්. සෙන්තිල්නාන්තනන්, ආචාර්ය ටී. මිකුන්තන් යන මහත්මීන් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එච්.ඒ. ධර්ම ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ.

දුපතේ බොහෝ කොටස් උග‍්‍ර පානීය ජල හිඟතාවකට මුහුණදී ඇති අතර දීර්ඝ නියං කාලවලදී ජල හිඟය වඩාත් උග‍්‍ර අතට හැරෙයි. ඒ වන විට බීමට පානීය ජලය නොමැති තත්ත්වයකට පත්වේ. මෙයට විසඳුමක් සෙවීමට ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය දායකත්වය ඇතිව මෙම පර්යේෂණය ආරම්භ කළ බව පර්යේෂකයෝ පවසති.

දෛනික ගෘහස්ථ හා වාරි අවශ්‍යතා සඳහා භූගත ජල ප‍්‍රභව මත යැපෙන යාපන අර්ධද්වීපය හා තදාසන්න දුපත් වාසීන් වසර ගණනාවක තිස්සේ පිරිසිදු භූගත ජලය නොමැතිව විශාල ගැටළුවකට මුහුණ දී තිබේ. බොහෝ ප‍්‍රදේශවල අධික ලවණතාවයෙන් යුත් භූගත ජලය ශීඝ‍්‍රයෙන් වැඩිවන ජල ඉල්ලූමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව ඔවුහු පවසති.

විකල්ප විසඳුමක් ලෙස කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ඉරණමඩු ජලාශයෙන් ජල සැපයුම ලබාගැනීමට යෝජිත වැඩසටහනක් ක‍්‍රියාත්මක වී ඇති අතර වඩදිය සමඟ එන මුහුදු ලවණ ජල ආගමනය පාලනය සඳහා පස් බැමි ඉදිකොට වෙරළබඩ ජලධර ආරක්‍ෂා කරගැනීම සඳහාද කටයුතු සිදුකෙරෙමින් පවති.

Dr-Rajasuriyar

Prof-HA-Dharmagunawardena

Prof-M Testing Dr.-T

 



අදහස් (0)

පුන්කුඩුතිව් දුපතේ පානීය ජලය සොයා පරීක්ෂණ

ද සිල්වා බෙර්ලින් Thursday, 25 June 2015 10:04 AM

මේ ගැන රජයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කල යුතුය , මේ අසරණ මිනිස්සු අවරුදු 30 යුධෙන් බැට කෑවා. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 25 June 2015 07:11 AM

මේවට විකල්ප වශයෙන් මුහුදු ජලය පෙරා ප්‍රයෝජනයට ගැනීමක් සිදුකළොත් හොඳ නැද්ද? (නි)

:       0       0

නිශාඩ් ප්‍රීනා Thursday, 25 June 2015 08:13 AM

පිරිසිදු චේතනා, ගෙනදෙයි වාසනා!! ඔබ සැමගේ මේ උතුම් වූ ව්‍යායාමය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

කපිල Thursday, 25 June 2015 09:46 AM

මාලදිවයිනට පස්, කලු ගල් සහනාධාර විදිහට යවන්න පුලුවන් ඒත් අපේ රටේ දූපතට වතුර දෙන්න සල්ලි නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site