ඉකුත් ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණයට සාපේක්ෂව ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය ඉතාම පිරිසිදු එකක් බව පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.
මේ දක්වා කාලය තුළ මැතිවරණයට තරඟ කරන සියලු පාර්ශවයන් අගයන වාතාවරණයක් නිර්මාණය වී තිබෙන අතරම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පරිසරයක් දක්නට ලැබෙන බව එම පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී,මෝල්ටා රාජ්‍යයේ හිටපු ජනාධිපති අචාර්ය ජෝර්ජ් අබේලා මහතා කියා සිටී.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝර්ජ් අබේලා මහතා කියා සිටින්නේ 17 පැවැත්වෙන මහමැතිවරණය සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් නිරීක්ෂණය කරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා ඉතාම ස්වාධීන ආකාරයෙන් කටයුතු කරන බවත්ය. එසේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශක්තිමත් කරමින් ඡන්දය පාවිච්චි කරන්නැයි තමා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොදු රද මඩුලු නිරීක්ෂකයෝ තුටුවෙති
ඉමේෂ් Thursday, 13 August 2015 09:18 AM
ඉදිරි පරම්පරාව සතුටු වෙයි මේ වෙනස ගැන. සතුටුයි වෙනසක් කරගන්න පුළුවන් වුණ එක ගැන. රටක් දියුණු වෙනවා කියන්නේ පාරවල් හදන එක විතරක්ම නෙමෙයි.(ම)
ඉශාර Thursday, 13 August 2015 05:57 AM
අපිටත් හරිම සතුටුයි (නි)
කුමාර Thursday, 13 August 2015 06:39 AM
ඔන්න යහපාලනයේ ප්‍රතිඵල. කවදාද මේ රෙට් මේ වගේ ඡන්දයක් තිබුණේ? මහින්ද හිටියා නම් දන්සල් ගොඩයි. කටවුට් ගොඩයි. දෙවියන්ට පින්සිද්ධ වෙන්න මහින්ද 8 වෙනිදා පැරදුවේ. (නි)