IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පාද යාත්‍රාව ගලිගමුවේ : මඤ්ඤොක්කා සමග බීමත් ලැබෙයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රව අද පස්වරු 5.25ට ගලිගමුවට ළඟා විය. 

පාගමන ගලිගමුව නගරයට ළගා වෙද්දී ස්වාමීන් වහන්සේ 15 නමක් පමණ පිරිත් සජ්ජායනා කළහ. 

නගර මධ්‍යයේ දහසක් පමණ එක්රොක් වීම නිසා මාර්ගය අවහිර වී වාහන තදබදයක් ඇති වුව ද පොලිසිය මැදිහත් වී පිරිස පාරෙන් දෙපසට කිරීමෙන් පසු එක් මංතීරූවක් වාහන සදහා විවෘත විය. 

පාගමනේ එන පිරිස සදහා ගලිගමුවේදී මඤ්ඤොක්කා සංසලක් සහ බීම දන්සලක් ද තිබිණි. 

IMG_2091 IMG_2106 IMG_2114 IMG_2115 IMG_2116


ඒකාබද්ධ විපක්ෂයට කෑගල්ලෙන් පැණිකොමඩු සංග්‍රහයක්

(වීඩියෝ දසුන් සහිතයි)

2016 ජූලි මස 29 15:23:09 | තරිඳු ජයවර්ධන , කෞෂල්‍ය සමින්ද

 අදහස්(17)  බැලූවෝ (4670)

 

 

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව දැක බලා ගැනීමට කෑගල්ල නගරයට විශාල පිරිසක් එක්ව සිටිති. 

පාගමනේ එන පිරිසට සංග්‍රහ කිරීම සදහා පැණි කොමඩු, බීම සහ කඩල දන්සල් සංවිධානය කර තිබිණි.

පිළිගැනීමේ උත්සව කිහිපයක් ද සංවිධානය කර තිබේ.

_MG_2051 _MG_2052 _MG_2055 _MG_2056 _MG_2060


 

පාද යාත්‍රාව කෑගල්ලේ : වාහන තදබදයකුත් ඇතිවෙයි

(වීඩියෝ දසුන් සහිතයි)

2016 ජූලි මස 29 13:22:09 | තරිඳු ජයවර්ධන , කෞෂල්‍ය සමින්ද

 අදහස්(1)  බැලූවෝ (1659)

 

 

 

ඒකාබද්ධ විපක්ෂයේ පාගම අද දහවල් 1.25ට පමණ කෑගල්ලට ළගා විය.

කෑගල්ල නගරයේ සහ අලුත් පාරේ එක් මංතීරුවක දැඩි වාහන තදබදයක් ඇති විය.

වාහන තදබදය පාලනය කිරීමට පොලිසියේ 20ක් පමණ යොදවනු ලැබ සිටිති.

 

(වීඩියෝ කෞෂල්‍ය සමින්ද)



අදහස් (0)

පාද යාත්‍රාව ගලිගමුවේ : මඤ්ඤොක්කා සමග බීමත් ලැබෙයි

වින්සන්ට් Friday, 29 July 2016 07:19 PM

නිම්මි, ඔබේ ප්‍රකාශය අනුව ඔබ දේවාල වඳින පුඳන කෙනෙක් බව සිතන්නට පුළුවන. එය ඔබේ අයිතියක් නිසා හොඳින් වන්දනාවේ යෙදෙන්න. (ර)

:       0       0

භද්‍රානි Friday, 29 July 2016 09:56 PM

මහාදේව මහත්තයත් පුදුම විදිහේ මර බියෙන් සිටින කෙනෙක් බව තමයි අපට නම් වැටහෙන්නේ. බලාගෙන මහත්තයෝ බන වතුර වීදුරුවෙත් කිඹුල්ලු ඉන්න පුළුවන්නේ, ඒ හින්දා කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි. කොන්ද කෙලින් තියාගෙන යුද්ධ කරපු නායකයෝ යුද්දේ නිම වෙලා වසර ගණනක් පසු උනත් අබාධිත රණ විරුවන්ට සලකලා තියන විදිහ රුපවාහිනී හා පුවත්පත් බැලුවානම්, දකින්න ඇතිනේ. (බ)

:       0       0

මොහාන් Friday, 29 July 2016 08:46 AM

කුමන පක්ෂයකට අයත් වුණත් මට මේ මිනිසුන් ගැන ඇති වන්නේ අනුකම්පාවකි.ලොකු ලොක්කන් අඩි දහයක් පා ගමනින් ගොස් ප්‍රාඩෝ වල සීතල සුලන් මැද අත් වනමින් යනවිට මේ අහිංසකයන් එදා වේල පාඩු කරගෙන, සරමක් ෂොපින් බැග් එකක කිහිල්ලේ ගසාගෙන ජයවේවා කියමින් කට්ට අව් කූටකේ පා ගමන් යනවා (ම)

:       0       0

අබරන් Saturday, 30 July 2016 12:43 AM

මගේ ඔලුවට ආවේ මඤ්ඤොක්කා සමග බීම කියන කොට ගහේ බඩු. (අ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 29 July 2016 09:54 AM

මේක තවත් බොළඳ වෑයමක්. (ර)

:       0       0

ප්‍රියාන් Friday, 29 July 2016 10:02 AM

මට ඇතිවන්නේ මොහාන් ගැන අනුකම්පාවක්... (ර)

:       0       0

ගයාන් ඩී සිල්වා Friday, 29 July 2016 10:06 AM

දන්සල් දෙන්න ඕනි නැති බැරි උදවියට. (ර)

:       0       0

පිටිගල Saturday, 30 July 2016 03:15 AM

මඤ්ඤෙක්ක එක්ක ගල් හරි කසිප්පු හරි බිව්වම වදිනවා කරටිය කැඩෙන්න. ඒ පිටට වැස්සේ තෙමෙන කොට ආතල් එක නියමයි. හැමදාම පාද යාත්‍රා තියෙනවා නම් කෙතරම් අපූරුද? (අ)

:       0       0

සම්පත් පතිරණ Friday, 29 July 2016 10:34 AM

අපි ඔබ සමග... (ර)

:       0       0

නිම්මි Sunday, 31 July 2016 03:39 PM

අනේ පද්මිණි ඔය ගිහින් ඉතින් නඩු අහන්නකො. ඒ දවස් වලනම් කිව්වේ රණවිරු පුත්තු කිලිනිච්චියේ කියල මැදවච්චියේ යනවා කියල. නඩු නම් ඔය ඕනේ තරම් යහපාලානේ අයටත් තියෙන්නේ. එක්කෙනෙක් ඉන්නව නඩු 17 තියන. ඔය පොඩ්ඩක් හොයල බලන්න එයාව උසාවි ගෙන්න . අනේ නොදන්නා දේවල් කතා නොකර ඉන්න අනේ රටට වැඩක් කරපු මිනිස්සුන්ට අපහස නොකර. දැන් ඔය රටම මහා පාරේ ඉන්නේ. (අ)

:       0       0

සමන් Friday, 29 July 2016 10:36 AM

ඒකාබද්ද විපක්ෂය ඇත්තෙන්ම සිතා බැලුවොත් හොදයි කියල හිතෙනවා සත්‍ය ජනතා මතය ගැන. (ර)

:       0       0

මහින්ද ඩබ්ලිව Saturday, 30 July 2016 03:16 AM

බුරුවො මොනවා කීවත් තවලම එදිරියට යනවා (අ)

:       0       0

පුෂ්පකුමාර Friday, 29 July 2016 10:37 AM

ප්‍රියාන්, මොහාන් ගැන අනුකම්පාවක් ඇතිවීම එක අතකට සාධාරණයි. අර පෙළපාලියේ පැණි කොමඩු රස බලමින් යන අයත් තමන්ගේ මොලේ හැටියටනේ ඉතින් වැඩ පෙන්වන්නේ? එහෙම බැලුවාම එකේ වරදකුත් නැහැ. අඩු දුරක් පයින් ගොස් වැඩි දුරක් ප්‍රාඩෝ එකෙන් යන මහත්තුරුන්ට ජය වේවා! (ර)

:       0       0

ආසිරි Friday, 29 July 2016 10:43 AM

ජය වේවා.! (ර)

:       0       0

අරුණ Friday, 29 July 2016 10:45 AM

නායකයෝ රෑ ගත කරන්නේ හෝටල්වලලු. මේ පස්සෙන් එන මිනිස්සු ඉටිරෙදි එලාගෙන තැන් තැන්වල නිදි. කාගෙද මේ බලවේගේ.... (ර)

:       0       0

රත්නවීර Friday, 29 July 2016 10:41 AM

මොනවා කලත් රට්බෙරගත්ත නායකයට ජයවේවා.! (ර)

:       0       0

අතුරා Friday, 29 July 2016 10:49 AM

මෝඩ වැඩක්. (ර)

:       0       0

සුනිල් Saturday, 30 July 2016 04:22 AM

හොඳට බලන්න දෙපස බලන්න ඉන්න කට්ටිය නිසයි පෙළපාලිය පළලට පේන්නේ ගමනේ යන කට්ටිය හුඟක් අඩුයි. (අ)

:       0       0

චන්න බුවනක Friday, 29 July 2016 10:57 AM

දෙපැත්ත බෙදිලා මේ කරන විකාර වල ප්‍රතිපලය රට විනාශ වීමයි. (ර)

:       0       0

දයානි Friday, 29 July 2016 11:16 AM

රට බේරාගත් වීර නායකයාණෙනි මේසියලු දෙනා සියලු දෙවල් කරන්නේ ඔබතුමා රටබෙරාදුන් නිසයි .අදසියලුදෙනාට එය අමතකවී ඇත. අපි ඔබ සමගයි ජාතියේ විරයාණෙනි ඔබට ජයෙන් ජය අත්වේවා තෙරුවන්සරණයි. (ර)

:       0       0

වින්සන්ට් Friday, 29 July 2016 11:24 AM

ඇත්ත දකින මොහාන් ගැන අනුකම්පා කරන "ප්‍රියාන්" මහතාගේ ප්‍රකාශය ගැන සතුටු විය නොහැකිය. (ර)

:       0       0

පද්මිණි Saturday, 30 July 2016 04:50 AM

නිම්මිගේ කුස්සියේ කතා අහලම එපාවෙලා. රට බෙර දුන්නේ දුප්පත් අම්මලාගේ එඩිතර රණවිරු පුත්තු. විලන්ගුවෙන් මිදෙන්න. මේ ගොල්ලෝ සේරටම බරපතල අපරාධ නඩු කෝටියක් තියෙනව (අ)

:       0       0

ගාමිණී Friday, 29 July 2016 11:29 AM

ජය වේවා අපි ඔබ සමගයි. (ර)

:       0       0

දසුන් Friday, 29 July 2016 11:30 AM

කාලෝචිත වැඩක් සුබ පතමි.! (ර)

:       0       0

උපාලි Friday, 29 July 2016 11:34 AM

තවමත් කෙලෙහි ගුණ දත් එඩිතර මිනිසුන් සිටීම ජාතියේ වාසනාවක්, දුක සැප අව්ව වැස්ස රෙදි කැබලි ඒවා ඉන් ඇති වැඩක් නැත, මෙවන් මිනිසුන්ගේ අගය කියා නිම කල නොහැක. (ර)

:       0       0

රාජ් Friday, 29 July 2016 12:10 PM

මහින්ද මහතා තමයි අපේ රට බේරගන්ඩ ඉන්න එකම මිනිසා. ඔහුව ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමයි. (ර)

:       0       0

රොෂාන් Friday, 29 July 2016 12:52 PM

අර මඤ්ඤොක්කා සමග දුන් බීම වර්ගය මොකක්ද කියල දන්නා කෙනෙක් කියනවද? ලෝකල් එකද? හොඳ එකද? රට එකද? තනතුරු තානාන්තර නොබාලා කවුරුත් එකම බීම වර්ගය පානය කරන රටක් තමයි අපිත් මේ බලාපොරොත්තු වෙන්නේ? (අ)

:       0       0

චතුරි Friday, 29 July 2016 01:03 PM

අරළු කුඩු සමග හොඳ තේ පන් සංග්‍රහයක් දෙන්න කට්ටියට ඇගෙ පතේ වේදනාවට ,ලොක්කෝ පැජරෝ වල ගමන් , සි ටි බි බස් ටිකක් ඉල්ලලා බැලුවේ නැතිද ජනතාව වෙනුවෙන් පුදුම ආදරයක් දැන්නම් තියෙන්නේ ඉස්සර රජ්ජුරුවෝ පස්සෙන් ජනතාව දැන් එකේ අනිත් පැත්ත (අ)

:       0       0

සහාන් Friday, 29 July 2016 01:06 PM

පට්ට හොරුන්ව පිළිගන්නේ මෙහෙම ද (අ)

:       0       0

පුෂ්පකුමාර Friday, 29 July 2016 01:08 PM

උපාලි කියල තියන විදිහට කෙලෙහි ගුණ සලකන්න කියලා හිතලා,හෙට ඉඳලා අව්වේ පාරේ ටිකක් ඇවිදින්න පටන්ගන්න ඕනා. මයියොක්ක නම් ගෙදරින්ම හදාගෙන අරගෙන යනවා. බීම ටිකක් නම් සාප්පුවකින් මගදී ගන්න බැරිය?(අ)

:       0       0

ලාල් Friday, 29 July 2016 01:08 PM

මොහාන් හරි.මටත් කනගාටු මහින්දගේ ශ්‍රාවක පිරිස ගැනයි.මේගොල්ලන්ගේ යටි අරමුණ තේරුම්ගන්න බැරි මැටිමෝල්ලු.(අ)

:       0       0

තිලක් Friday, 29 July 2016 01:09 PM

මේ පැත්තට ඇද ඇද ඉදීමෙන් වෙන්නේ රට එකතැනක නැවතී සිටීමක් ,දැනට වඩා හොඳ වඩා පිළිවෙලක් 2010-2015 කලේ තිබුන නැති හින්දයි ජනතාව තීරණය කලේ, ඔවුන් ව ගෙදරයවන්න , දැන් ඉතින් මේවසර 5 මෛත්‍රීට කරන්න කියල 2020 දී මාරු කරනවද නැද්ද කියල සොයා බලමු, මෙවෙලාවේ තියෙන්නේ ආණ්ඩු මාරුකරන වෙලාවක් නොවෙයි, රට ගොඩ නගන්න හොඳ යෝජනා ඉදිරි පත් කරන වෙලාවක් (අ)

:       0       0

අරැණ ගෝමස් Friday, 29 July 2016 01:53 PM

මිනිසුනේ බලාපල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාගයකට මෙච්චර සෙනග. මිනිසුන්ට මෙයාල එපාවෙලා.ආවේ බෝදිසත්වයෝ වගේ. දැන් මාරයෝ.අපිට හුළං. අපේ බඩ තද කර ගනිල්ලා කියලා මෙයාල අපේ සල්ලි වලින් ප්‍රාඩෝ.උසාවි ගියේ නැත්නම් අදත් අපිට වැට්.(අ)

:       0       0

දහම් Saturday, 30 July 2016 04:20 PM

පා ගමන අතිශය සාර්ථක බව ඇස පෙනෙන ඕනේ කෙනෙක් පිළිගන්නවා. ආණ්ඩුව දැන්වත් හිතුවක්කාර කම අතහැර තමන් ජනතාවට දීපු පොරොන්දු ඉටු කළ යුතුයි. ජීවත්වීම හිටියට වඩා ගොඩක් අමාරු බව ආණ්ඩුවේ ලොක්කන්ට පෙනෙන්නේ නැද්ද? (බ)

:       0       0

රංග ඉතාලිය Friday, 29 July 2016 02:02 PM

මේ පාද යාත්‍රාවට දායක වෙන මිනිසුන්ට අනුකම්පා කරන උදවිය ඇයි රටට වෙන්න යන විපත ගෙන හිතන්නේ නැත්තේ මේ සියලු මිනිස්සු රටට ජාතියට ආදරේ කරන මිනිසුන් මොහුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.. සුබ පතමි..(අ)

:       0       0

නිම්මි Friday, 29 July 2016 02:29 PM

වින්සන්ට් ඔයාට යහ පාලනේ හොදයි වගේ අපිටත් මහින්ද මහත්තය මොනවා කරත් හොදයි. ඒ එතුමා මේ රට වගේම අපේ ජීවිතත් බේරා ගත්ත නිසා. ඔයාට මේ යහපාලනේ හොද මෙයාල මේ රටට මොනවා කරාටද? ඔයටද පිස්සු අපිටද පිස්සු? අනේ මන්ද.(අ)

:       0       0

රේණුක Saturday, 30 July 2016 04:30 PM

දැන් මේ ඔක්කොම පෙළපාලි කරුවෝ අසනීප නිවාඩු දාලද පෙළපාලියට ඇවිත් ඉන්නේ (බ)

:       0       0

ජෙනී Friday, 29 July 2016 03:01 PM

මෙහෙමවත් හඩක් නගන්න කොන්ද පන තියන නායකයෙක් ඉන්න ඕන ,,පේනවනේ ජේ .වී .පි එක මේ රජයට කඩේ යන හැටි ,,,මෙහෙමවත් නොවුනොත් මේ රට තව මස 6 යන්න කලින් අච්චාරුවක් කරයි .(අ).

:       0       0

මහාදේව Friday, 29 July 2016 03:43 PM

එදා කොන්ද කෙලින් තිබුණ නායකයෙක් හිටිය නිසා, අද මරණ බයෙන් තොරව නිදහසේ ඕනේ තෙනක යන්න පුළුවන්, එදා අද කට්ටිය හිටියනම් ඇමෙරිකාවට හා බටහිරට ඕනේ විදිහට යුද්දේ අපුරුවට පවා දෙනවා නියතයි, ඇත්ත හරිම තිත්තයි..(අ)

:       0       0

මහාදේව Friday, 29 July 2016 03:50 PM

එක නිදසුනක් තමයි, ජෙනරාල් කොබ්බැකඩුව ඝාතනය. (අ)

:       0       0

ජනහිත Friday, 29 July 2016 05:13 PM

දානපතියන්ට පිංසිදුවේවා. වැඩිවැඩියෙන් ලැබේවා! (අ)

:       0       0

ලලිත් Friday, 29 July 2016 05:14 PM

මඟදිගට කඩචෝරු කන්නේ බලාගෙන. ජාපාල දාල තිබුණොත් කොළඹ ගිහින් හමාරයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 414 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 862 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site