IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොදු ගොඩනැගිලි-සිද්ධස්ථානවලට ‘සූර්ය පැනල’

(යොහාන් භාසුර)

රජයේ පොදු ගොඩනැගලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රජයේ ගොඩනැගිලිවලින් සියයට 90 ක පමණ මැනුම් කටයුතු අවසන් කර ඇති බවත් සියලු මැනුම් මේ මස 15 වැනිදාට පෙර අවසන් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ජාතික පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම්වලට අයත් අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන රජයේ ගොඩනැගලි යටතට ගෙන ඇති බවත් රජයේ රෝහල් සහ පළාත් පාසල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුළත්ව තිබුණ ද මෙවැනිම ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා ක්‍රියාත්මක කරන බැවින් එම ගොඩනැගිලි එම ව්‍යාපෘතිවලට ඇතුළත් කරන බවත් අමාත්‍යවරයා කීය.

ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව හරහා ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදීගැනීමේ ප්‍රසම්පාදන එම බැංකුව කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (7)

පොදු ගොඩනැගිලි-සිද්ධස්ථානවලට ‘සූර්ය පැනල’

පිටිගල මිලානෝ Friday, 07 April 2023 01:43 PM

ලංකාවේ සිද්ධස්ථාන ආලා්ක පූජාව යැයි කියමින් මහා විදුලි විනාශයක් කරනවා. පොල්තෙල්ද නිස්සාර ලෙස දහනය කරමින් විනාශ කරනවා නිවනම බලාපොරොත්තුවෙන්….

:       132       19

pakeer Friday, 07 April 2023 02:21 PM

අපි මේව කියල දැන් අවුරුදු 5ට වැඩියි.

:       0       57

විමලරත්න Friday, 07 April 2023 02:23 PM

ආදායම් නොමැති ආගමික ස්ථානවලට පමණක් ලබාදෙන්න. ලයිට් බිල වෙනුවෙන් නැතත් වෙන පූජා කටයුත්තක් කියලා ආධාර ඉල්ලන එක නම් වලක්වන්න බැරිවේවි

:       33       9

Nimal Friday, 07 April 2023 05:00 PM

හොඳ වැඩක්...

:       1       5

Nandasena Friday, 07 April 2023 06:27 PM

ෆ්ලෑෂ් ලයිට් කියන්නේ අධික විදුලියක් දහනය වන විදුලි ලාම්පුවක් කියලා නොදන්නා කෙනෙක් නැහැ කියන්න පුළුවන්... ඒත් සමහරක් අපි ජාතික පාසල් කියාගන්නා සමහරු කියන ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරමුන් සිටින පාසලක මුලු රාත්‍රිය පුරාම රාත්‍රියේ ක්‍රීඩා කිසිත් නැතත් ක්‍රීඩා පිට්ටනිය දෙසට ෆ්ලෑෂ් ලයිට් දල්වා තිබෙන ආකාරයක් කොස්ගම සිට පැල්මඩුල්ල දක්වා යන කෙනෙකුට සෑම දිනකම වාගේ ෂෙඩ් එකක් ඉදිරිපිට පාරේ වම් අත පැත්තේ පාසලකින් දකින්නට පුළුවන් වෙනවා...!

:       1       3

de silva Friday, 07 April 2023 07:43 PM

අපිට නිදාගන්න වෙන එකක් නැහැ... කන් කරච්චලේ ලවුඩ්ස්පීකර් දාගෙන...

:       3       4

de silva Friday, 07 April 2023 10:57 PM

සිද්ධස්ථානයක් අසල ජීවත් වෙන මිනිස්සු විශාල දුකක් විඳිනවා. හරි හමන් නින්දක් නැතිව, මේ ලවුඩ්ස්පීකර් වදේ නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site