IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පෙදරේරුවා අමානුෂික වැඩක් කරයි

පාදුක්ක දොම්පේ ත්‍රිරෝද රථ රියදුරකුගේ පාද දෙකම කඩුවකින් කපා වෙන් කළැයි කියන පෙදරේරුවකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලීසිය කියයි.

ත්‍රිරෝද රථ රියදුරාගේ එක් කකුලක් දණ හිස ළගින්ද අනෙක් කකුල වළලුකර ළගින්ද කැපී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කැර ඇත.

 

 

 



අදහස් (0)

පෙදරේරුවා අමානුෂික වැඩක් කරයි

අජිත් කරුණාරත්න Friday, 20 December 2013 07:03 AM

මෙහෙම අපරාදයක් කරන්න මිනිසෙකුට හිතට දැඩි ශක්තියක් එන්න ඕනේ. ඒ මිනිසා විකෘති මානසිකත්වයකින් යුත් කෙනෙක් වෙන්නත් ඕනේ. මේ පෙදරේරුවා ස්ථිර වශයෙන්ම කුඩුකාරයෙක් වෙන්න ඇති කියලා මට හිතෙනවා.(නදී)

:       0       0

බී.ඒ තිලින Friday, 20 December 2013 07:44 AM

පෙදරේරුවාගේ අත් දෙක කපා කකුල් දෙකත් කපා දඩුවම් දෙමු. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 20 December 2013 08:45 AM

ආගම දහමෙන් ඈත් වීමේ ප්‍රතිඵල තමා වෙන මොකක්ද ? (නදී)

:       0       0

ආනන්ද Friday, 20 December 2013 09:17 AM

රෝස්, ඔබත් 21 වැනි සියවසේ මිනිසෙක්ද? නැත්නම් ගෝත්‍රික සමාජයේ තවමත් ජීවත් වන මිනිසෙක්ද? (ස)

:       0       0

අමිල පීරිස් Friday, 20 December 2013 09:20 AM

රෝද තුනේ රථ වල රියදුරන් අතර හොඳ මිනිසුන් සිටිනවා බොහොම අල්ප ප්‍රමාණයක් . බහුතරයක් ඉන්නේ නීති රීති උල්ලංඝණය කරමින් චණ්ඩි ලෙස හැසිරෙන දාමරිකයන්. (ස)

:       0       0

හොඳ ප්‍රේමකුමාර Friday, 20 December 2013 11:11 AM

කකුල් කපන්න හේතුවත් දැම්මානම් මෙම පෙදරේරුවාට බැනලා අදහස් පල කරපු මහත්මා මහත්මීන්ගේ ප්‍රතිචාර මීට වඩා වෙනස් වෙන්න තිබුනා. ඒ ගොල්ලන්ගෙන් වැඩි දෙනෙක් හොඳ වැඩේ ඔහොම තමයි කරන්න ඕනේ කියලා කියයි.(දිල්)

:       0       0

දිලිප් Friday, 20 December 2013 11:38 AM

අමනුසික වෙන්නේ කොහොමද ඔය මිනිහටත් ඒවගේම අමනුසික වැඩක් කරලා ඇති (අ)

:       0       0

දිලිප් Friday, 20 December 2013 11:38 AM

අමානුෂික වෙන්නේ කොහොමද ? ඔය මිනිහටත් ඒ වගේම අමානුෂික වැඩක් කරලා ඇති. මට කලොත් මමත් එහෙමයි.(නදී)

:       0       0

ආසිරි Friday, 20 December 2013 01:39 PM

ත්‍රිරෝද රථ රියදුරා කරපු වරද ඒ තරමි ලොකු ඇති....(අ)

:       0       0

සුමංගල - ඇල්පිටිය Thursday, 19 December 2013 06:52 PM

ගහලයෙක්! (නදී)

:       0       0

මොහාන් Thursday, 19 December 2013 07:02 PM

අරාබි දඩුවම් දැන් ලංකාවේ(දිල්) .

:       0       0

අමිල කටුනායක Thursday, 19 December 2013 07:17 PM

ඕක ඔතනින් ඉවර වෙන එකක් නැහැ.(නදී)

:       0       0

අනූ Thursday, 19 December 2013 07:23 PM

අනිත් කොනගෙත් වැරැද්දක් ඇති නේද? (නදී)

:       0       0

නිරංජලා. Thursday, 19 December 2013 07:30 PM

ලංකාවේ වර්තමාන සමාජය දිනෙන් දින සීග්‍ර සංස්කෘතික පරිහානියකට ,පත් වෙනවා. කනගාටුවට කරුණ නම් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ අපේ රට සංස්කෘතික සහ සදාචාරාත්මක වශයෙන් මෙතෙක් ලෝකයේ අනිත් රටවල් අභිබවා පෙරමුණේ සිටියද අද අන් සියලුම රටවල් පරයමින් ගෝත්‍රික ලක්ෂණ පෙන්නුම් කිරීමය.(නදී)

:       0       0

අසෝකා Thursday, 19 December 2013 07:31 PM

මහා තිරිසනෙක් වගේ මිනිහෙක්නේ.(නදී)

:       0       0

රෝස් Thursday, 19 December 2013 07:45 PM

ඳඬුවම් වශයෙන් පෙදරේරුවගේ අත් දෙකේම වැලමිට ලඟින් කපා දැමිය යුතුයි.(නදී)

:       0       0

සුරේෂ් දොම්පෙ Thursday, 19 December 2013 08:08 PM

දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

චමත් ඉතාලිය Thursday, 19 December 2013 08:22 PM

මහා තිරිසනෙක්නේ කෙනෙකුගේ කකුල් දෙකක් කපන්නේ. මොන තරම් දරුණු හිතක් තියෙන්න ඕනද මේ මනුස්සයාට.(නදී)

:       0       0

රූබි...කුවෛට් Thursday, 19 December 2013 08:36 PM

හේතුවක් නැතිව මෙහෙම දෙයක් කලාද සොයා බලන්න වටිනවා මේ ගැන(දිල්)

:       0       0

රුවන් ගමරාලගේ Thursday, 19 December 2013 09:26 PM

මේ පෙදරේරුවා ආස්චර්‍යට යන ගමන පටන් අරගන වගේ. පොඩි අඩුපාඩුවක් පෙන්නලා දෙන්නම් මේකේ දැන්වීමක් යනවා ජංගම දුරකථන ඔන් ලයින් කියලා නමුත් ඒකේ ඔයන්න වෙනුවට තියන්නේ අඹ බයන්න . ඒක හදන්න.(නදී)

:       0       0

ධම්ම Thursday, 19 December 2013 09:37 PM

පළාත් සභා ඡන්දෙත් ලඟයි. පෙදරේරුවාට ලොකු ඉල්ලුමක් තියේවි. (නදී)

:       0       0

ක්‍රිෂාන්ත ස්යිප්‍රස් Thursday, 19 December 2013 09:38 PM

ඔය වගේ වැඩක් කරන්න ඔය හැටි වෛරයක් පිරිමහන්න මොකක් හරි ලොකු හේතුවකුත් ඇති. එක පැත්තක් විතරක් නොබලා සාධාරණව හිතන්ඩ පුලුවන්නම්.(නදී)

:       0       0

සජී Thursday, 19 December 2013 10:23 PM

මෙම සිදුවීමට සම්බන්ද තවත් හේතුවක් ඇති, ඒ මොනවා උනත් මේවගේ අමානුෂික දේවල් අනුමත කරන්න බැහැ. රටේ පවතින නීතිය, පොලිසිය ගැන මහජනතාවට විශ්වාසයක් නැතිඋනහම මෙවැනි අපරාධ මිනිස්සු පෙළඹෙනවා,, (අ)

:       0       0

සරත් Thursday, 19 December 2013 10:26 PM

අනේ අපි මදුරුවෙක් මරන්නෙත් හිතේ අමාරුවෙන් කරන්න දෙයක් නැති කමට.දෙයියනේ අයි මිනිස්සු මේ තරම් නපුරු වෙන්නනේ.මොකද්ද මේ සමාජයට වේගෙන යන්නේ. (අ)

:       0       0

ගුණවර්ධන Friday, 20 December 2013 12:34 AM

බාල පරම් පරාවට මොන වැඩ කියාදෙන්නද පෙන්වා දෙන්නද ? මේ වගේ අපරාධ උපරිම දඩුවම් දිය යුතුයි (අ).

:       0       0

ෂාන් Friday, 20 December 2013 01:28 AM

සමහර තිරෝදරථ රියදුරන් මගින් ගසාකනවා. මේකත් එවැනි දේක ප්‍රතිපලයක් වෙන්න පුළුවන්. (අ)

:       0       0

පතිරාජ Friday, 20 December 2013 02:25 AM

අනිවාර්‍ය්ම්ම ගෑනු පටලැවිල්ලක් වෙන්න ඔනෙ (අ)

:       0       0

ලාල් මහනුවර Friday, 20 December 2013 02:49 AM

එතරම් ලොකු දඩුවමක් දෙන්න අර මනුස්සය කරලා තියෙන වරද මොකක්ද ....? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 684 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site