IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොදුරද මඩුළු සමුළුවට ජනපති මෝල්ටා යයි

විසිහතර වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලබන 27 වැනිදා සිට පුරා තෙදිනක් මෝල්ටා රාජ්‍යයේදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සමුළුව සඳහා වත්මන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය සමුළු සභාපති ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර අංශයේ අධ්‍යක්ෂිකා චමරි රුද්‍රිගු මහත්මිය පැවසුවාය.

පසුගිය 2013 වසරේදී කොළඹදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ශ්‍රී ලංකාවට හිමිවූ සමුළු සභාපතිත්වය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දෙවසර සඳහා මෝල්ටා රාජ්‍යයේ අගමැති ජෝෂප් මස්කට් මහතා වෙත පිරිනැමීම සිදුවන වන බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරන සෙසු පිරිස ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදය වෙනුවෙන් දක්ෂිණ සංවර්ධන, නීතීය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් සහභාගී වීමට නියමිත යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ප‍්‍රධානත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවලූ 53 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් ඇරඹෙන මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ ‘‘ පොදුරාජ්‍ය මණ්ඩලය ‐ගෝලීය වටිනාකමට ශක්තියක් ’’ යන්නයි.මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ව්‍යාපාරික, තරුණ, මහජන, හා කාන්තා සමුළුද පැවැත්වීමට නියමිත අතර මෙලෙස කාන්තා සමුළුවක් පැවැත්වෙන්නේ ප‍්‍රථමවරට යැයිද විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර අංශයේ අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

බි‍්‍රතාන්‍යයේ යටත්විජිත ලෙස පැවති රටවල් 53ක එකතුවෙන් සුසැඳි පොදුරාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානතම අංශය වන්නේ සෑම දෙවසරකටම වරක් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවයි.එහිදී සාමාජික රටවල් ඉදිරි ප‍්‍රගමනය සඳහා වන තීන්දු ගනු ලැබීම සිදු කෙරේ.මෙම පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවක් අවසන් වරට පැවැත්වෙූයේ 2013 වසරේ මෙරටදී වන අතර එය බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු චාල්ස් කුමරයාගේ ප‍්ධානත්වයෙන් පැවැත්විණි.

මෙවර මෙම සමුළුව පැවැත්වෙන මෝල්ටාව 2005 වසරේදීද පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවක් පවත්වා ඇත.මධ්‍යධරණි මුහුදේ පිහිටි දූපත් තුනකින් සමන්විත මෝලටා රාජ්‍යය යුරෝපා සංගමයට අයත් සංචාරක ආකර්ෂණයෙන් දිනාගෙන ඇති රටකි.



අදහස් (0)

පොදුරද මඩුළු සමුළුවට ජනපති මෝල්ටා යයි

කරුණාරත්න Saturday, 21 November 2015 09:26 PM

සුබ පැතුම්! (නි)

:       0       0

පතී Saturday, 21 November 2015 10:49 AM

මොකද ඕක රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ. මේ රටවල් 53 තම කිරීටයේ බලපෑම් මත සිටිය යුතුයි කියලද ? මේ රටවල් ටික එකතුවෙලා මේ රටවල් වලින් ඇදපු ධනය හා කරපු අපරාද සඳහා වන්දි ලබාගැනීම යාන්ත්‍රණයක් සකස් කලයුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site