පුද්ගලික බස් රථ අංශයේ සේවය කරන කොන්දොස්තරවරුන් හා රියදුරන්ට සේව්‍ය සේවක අර්ථසාධක වරප්‍රසාදය හිමිවන ස්ථිර මාසික වැටුප් සහිත ක්‍රමවේදයක් සකසන බව මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති,එරික් වීරවර්ධන මහතා අද (14) පැවැති 'සහසර' නියමු ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ දී පැවසීය.
පුද්ගලික ප්‍රවාහන අංශයේ සේවය කරන කොන්දොස්තරවරු රියදුරුවරු තවමත් නිශ්චිත වැටුපක් නැතැයි ද ඔවුන්ගේ ජිවිතය අනාගතය සුරක්ෂිත නැතැයි ද ඔහු කීවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
'පෞද්ගලික බස් අංශයටත් මාසික වැටුප් ක්‍රමයක්'- එරික් වීරවර්ධන
රජිත් මංජුල Thursday, 14 July 2016 05:15 PM
මඟියාව ස්ථිර වශයෙන්ම ආරක්ෂාසහිතව ගමනාන්තයට ගෙනියන වැඩපිළිවෙලක් ගැන තවම අදහසක් නැද්ද? මොකද මිනිසුන්ට බස් එකට නැග්ගහම සුදුකොඩි, රෝද පුටු, කිහිලිකරු, ඉස්පිරිතාල මතක්වෙනවා. බස් එකට නඟිද්දී ඇඟේ තිබුණු රතු ලේ වතුර වෙනවා. ආයේ රතු ලේ බවට පත්වෙන්නේ බස් එකෙන් බැස්සහම. (නි)
ගුණේ Thursday, 14 July 2016 06:07 PM
ඉතාමත්ම හොඳයි. මේ මඟින් රේස් යාම නැවතී මඟීන්ටත් පාර තොටේ යන එන්නන්ටත් ආරක්ෂාව සැලසේවි. හැමදාම තරුණව ඉන්න බැරි නිසා වයසට ගියාමත් හොඳයි. (නි)
බන්දුල Friday, 15 July 2016 11:11 AM
එතකොට වත් ඉතුරු සල්ලි දෙයිනේ. (ර)
රොකී Friday, 15 July 2016 11:54 AM
බාර් වලින් බොන මිනිසුන්ටත් මාසික වැටුප් ක්‍රමයක් හදමුද? (නි)
දීපාල් නිරෝෂ් Friday, 15 July 2016 03:30 AM
ඉතාම හොඳ කාලින යෝජනාවක්, ඒකාන්තයෙන් සඵල වේවා කියා පතනවා. (ර)
නිමල් රජපක්ෂ Thursday, 14 July 2016 12:23 PM
එහෙම දෙයක් කරනවා නම් ලොකු දෙයක්.(හේ)
ඒකනායක Thursday, 14 July 2016 01:40 PM
හොඳ දෙයක්. මෙම උත්සාහය සාර්ථක වේවා! (නි)
නිරේෂ් Thursday, 14 July 2016 01:54 PM
මේක නම් කියන්න බැරිතරම් සුපිරි වැඩක් (නි)
කමනි Thursday, 14 July 2016 02:02 PM
අනේ හදන්න. එතකොටවත් මේ කෑලි ගණනට මිනිස්සු එලොව යවන එක නවතියිද? (නි)
රාධා Thursday, 14 July 2016 02:19 PM
පුද්ගලික බස් අංශයේ සේවය කරන කොන්දොස්තරවරුන් හා රියදුරන්ට සේව්‍ය සේවක අර්ථසාධක වරප්‍රසාදය හිමිවන ස්ථිර මාසික වැටුප් සහිත ක්‍රමවේදයක් සැකසීම මෙතරම් ප්‍රමාද ඇයි? පුද්ගලික බස් රථවලට මාර්ග බලපත්‍ර දීමේදී රියදුරු කොන්දොස්තර ස්ථිර සේවකයන් වීම අනිවාර්ය කිරීම කළයුතුයි (නි)