කොළඹදී පැවැති 15වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේදි පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 28 වැනිදා තිළිණ ප‍්‍රදානය කෙරේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව පදක්කම් හයක් දිනාගත් අතර එය රන්, රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් බැගිනි. රන් පදක්කම්ලාභින්ට රුපියල් 20,000ක් ද රිදී පදක්කම්ලාභීන්ට රුපියල් 15000ක්ද හා ලෝකඩ පදක්කම් ලාභීන්ට රු. 10,000ක් බැගින්ද වසර දෙකක් මාසික දීමනාවක් ලබාදීමට කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර තිබේ. ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 400 කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනාගත් දුලාජ් මධුසංඛ හා ෂිවන්ති කුමාරි රත්නායක කොළඹින් නිවාස දෙකක් ප‍්‍රදානය කිරීමටත් තීරණය කර තිබේ පදක්කම්ලාභි ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් කී‍්‍රඩා අමාත්‍යාංශයට කැඳවමින් පෙරේදා (18) ඇමැතිවරයා ඔවුන් හා සාකච්ඡාවක් පැවැත්විය. කොළඹ නවාතැන් ගනිමින් නේවාසිකව පුහුණුවීම් කිරීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කැමැත්ත පළකළ බවත් එහිදී උසස් පෙළ හදාරන ඔවුන් සඳහා කොළඹින් පාසල් ලබාදෙන බවත්”ලංකාදීප” කළ විමසුමකදී ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ එක් තීරණයක් වන්නේ ඔවුන් උසස් පෙළ විභාගයට පෙනීසිටීමෙන් පසු වසර දෙකක කාලයක් සඳහා ඇමරිකාවේ නේවාසික පුහුණුවකටද සහභාගි කිරීමට පියවර ගැනීමයි. මෙම සාකච්ඡාවේදී එක් කී‍්‍රඩිකාවකගේ පුහුණුකාරිණියක් කොළඹ නේවාසික පුහුණුවීම් ආරම්භ කිරීමේදී ඒ සඳහා තමන්ට සහභාගිවීමේ ප‍්‍රායෝගික දුෂ්කරතා පෙන්වා දුන් බවද වාර්තාවේ. ඒ සඳහා විකල්පයක් සකස් කරන්නේ නම් ඊට තමන්ගේ අකමැත්තක් නොමැති බවත් ඇය එහිදී අදහස් දක්වා තිබේ.
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදක්කම්ලාභීන්ට ජනපති අතින් ත්‍යාග පිරිනැමීම 28 දා