IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පෘථිවියට දැන් උල්කාපාත වර්ෂාවක්

මේ මොහොතේ දී පෘථිවිය සූර්යයා වටා ගමන් කරමින් සිටින ප්‍රදේශයේ 209 ලීනියර් නමැති වල්ගාතරුවකින් සෑදුණු කුඩා බොරළුකැට අති විශාල සංඛ්‍යාවක් ඇති බවත් එම කොටස් පෘථිවි ගුරුත්වාකර්ශනයට හසුවී කඩා වැටීමෙන් උල්කාපාත වර්ෂාවක් ඇතිවෙමින් තිබෙන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා වටා ගමන් කරන එම වල්ගාතරුවේ වල්ගයේ අවශේෂ කොටස් මෙලෙස පෘථිවි ගුරුත්වයට හසුවන්නේ පළමු වතාවටය. මහාචාර්ය වරයා පවසන්නේ එවැනි උල්කාපාත කඩා වැටීම් 100ත් 1000ත් අතර ප්‍රමාණයක් සිදුවුව ද ශ්‍රී ලංකාවට දිවා කාලයේ එය ආරම්භ වූ බැවින් දක්නට නොලැබුණු බවයි. එසේ වුව ද රාත්‍රී කාලයේ උල්කාපාත කඩා වැටෙන අවස්ථා පියවි ඇසින් දැකගත හැකි බව ද කැනඩාව හා ඇමරිකාව වැනි රටවලට උළ්කාපාත වර්ෂාව හොදින් පෙනෙන්නට ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

පෘථිවියට දැන් උල්කාපාත වර්ෂාවක්

ශාන්ති Sunday, 25 May 2014 10:33 AM

ඔය වැඩි පුර තියෙන සල්ලි වලින් ටිකක් දුන්නම මොකද චම්පික. (ස)

:       0       0

වික්‍රමසිංහ Sunday, 25 May 2014 10:36 AM

දැන් අර පිටරට ඉන්න මහාචාර්යතුමා කියයි ඔය උල්කාපාතත් එක්ක පිටසක්වලින් ජීවින් එයි කියලා. (ස)

:       0       0

චම්පික Sunday, 25 May 2014 12:33 PM

දෙන එක නෙවෙයිනේ ශාන්ති තියන ප්‍රශ්නය. කාන්තාවන් තමන්ගේ ආදායම්, අනාගත වියදම් ගැන නොසිතා ඉස්තරම්ම විදියට මගුල් කන්න යන එකනේ. දරු පවුල්කාර පිරිමි සහෝදරයන් ජීවන බර නිසා දකින තරු ගැන අවබෝධයක් ඇත්තේ එහෙමත් තරුණියන්ට. (නදී)

:       0       0

කාන්ති Sunday, 25 May 2014 12:46 PM

චම්පික හරි. කාන්තාවක් විදියට අපි දැන ගන්න ඕන අමාරුවේ වැටෙන්නේ නැතිව විවාහ උත්සව ගන්න. නැතිනම් ආර්ථික ප්‍රශ්න නම් උල්කාපාත කඩාගෙන පහත් වෙන්න බැඳලා වැඩි කලක් අවශ්‍ය නැහැ. (ස)

:       0       0

තබිත් Sunday, 25 May 2014 01:08 PM

අපේ රටේ, පියකුගේ අභාවෙන් පසු ළමයි එක්ක තනිව වැඩ කටයතු කරන විට ජීවන බර විදින මවකට නම් උල්කාපාත නිතරම පේනවා විතරක් නෙවෙයි හොඳට ඇඟට දැනෙනවා. (අ)

:       0       0

සිල්වා Sunday, 25 May 2014 03:40 PM

දැන් නම් බඩු මිල අහස උසට ඒ උල්කාපාත අපේ ඔලුවට වටෙනවා වගේ. අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 24 May 2014 06:18 PM

කඩේට බඩු ගන්න යනවිට, දුර නෑයෙක් ගෙදර ආවම කිරි තේ හදන්න වෙනකොට නම් ඉතින් උල්කාපාත නිතරම පෙනෙනවා. (ස)

:       0       0

නිශා Sunday, 25 May 2014 05:14 PM

අපොයි අපිට දවාලට උල්කාපාත නොපෙනෙන එකම හොඳයි. ජීවන වියදම නිසා අපි කොහොමටත් දවල් තරු බලමින් ඉන්නේ. (ස)

:       0       0

නිශාන්ත Sunday, 25 May 2014 05:21 PM

‍ ලකාවේ වැටෙන්න ඕන තැනක් තියෙනවා. ලගදීම එහෙම වෙයි. (ස)

:       0       0

ඩිසිඩී Sunday, 25 May 2014 05:38 PM

සිල්වා ඔයානම් මරේ මරු. (නදී)

:       0       0

මනෝජ්-සාජා Saturday, 24 May 2014 10:01 PM

නන්දන මිලානෝ, ඉතාලියේත් එහෙමද?මම හිතුවේ ලංකාවේ විතරයි කියලා (නි)

:       0       0

රංගන දිසානායක Saturday, 24 May 2014 11:11 PM

අපිට නමි මොකුත් පේන්නේ නෑ (අ)

:       0       0

සලීම් Saturday, 24 May 2014 11:22 PM

මේ මොන උල්කාපාතද හතර වටින් අපේ බඩට වදීන අවපාත වල හැටියට (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 25 May 2014 12:52 AM

ලෝක විනාශය කවදා හෝ විශාල උල්කාපාතයක් වැදීමෙන් සිදු වුවහොත් එය කොහොම වේවිද ? දවසින් දවස ලොකුවෙමින් අප කරා එන උල්කාපාතය දෙස බලමින් අවසානය ළඟ එනවිට අපිට දෙවියන් සිහිවේවි. (නි)

:       0       0

සුරංජිත් Sunday, 25 May 2014 05:52 AM

මේ මහා විශ්වය පුදුමාකාරයි. එහි සිදුවන දේත් පුදුමාකාරයි (නි)

:       0       0

චම්පික Sunday, 25 May 2014 08:40 AM

අපිට නම් උල්කාපාත පේනවා විතරක් නෙවෙයි හොඳට ඇඟට දැනෙනවා. බාලම නංගිට කසාදයක් හරි ගිහිල්ල ගෙදරින් මංගල්ලෙට සම්මාදම් එකතු කරනවා. (නදී)

:       0       0

ගයනි Sunday, 25 May 2014 08:45 AM

ඊයේ කඩේට ගිහින් එළවලු වල මිල ගණන් ඇහුවාම මට ඔය කියන උල්කාපාත දවාලේම පෙනුනා. (නදී)

:       0       0

නිමල් Sunday, 25 May 2014 08:48 AM

උල්කාපාත නෙවෙයි වල්ගා තරු බලමින් අපි ඉන්නේ. මේ මාසෙට මගුල් ගෙවල් දෙකයි, කොටහළු මගුලයි, දානේ ගෙවල් දෙකයි.! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site