IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පතල් බලපත්‍ර දීමේදී බරපතළ දූෂණ රැසක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිකුත් කළ බලපත්‍ර නිසි ක්‍රමවේදයකින් තොරව අන්තනෝමතික ලෙස අවලංගු කිරීමෙන්  විවිධ බරපතළ මට්ටමේ  අක්‍රමිකතා සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත .

බලපත්‍ර නිකුත් කිරීමට  කාර්යාංශයට බලතල ලබාදී ඇතත් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වෙත අයැදුම්පත් යොමුකිරීමෙන්  බලපත්‍ර නිකුත් ගැනීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වයට අභියෝගයට ලක් වන බව පවසමින්  කෝප් කමිටු සාමාජිකයෝ  ඒ පිළිබඳව ආයතනයේ  ප්‍රධානීන්ට  දැඩි කනස්සල්ල පළ කළහ.

කාර්යාංශය සිදුවන සියලු අක්‍රමිකතා සොයා බැලීමට ස්වාධීන නීති නිලධාරියකු කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර  නියෝග කළේය.

තවද ආයතනයේ සිදුවන කටයුතු සොයා බැලීමට දැනටමත් කෝප් කමිටුව විසින් පත් කරනු ලැබ ඇති අනු කමිටුව ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය උපදෙස් දුන්නේය.

මේ අතර කැණීම් කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම කෝප් කමිටු සභාපති වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීහු පැවසූහ.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය කාර්‍යාංශය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ තුන්වැනි අවස්ථාව මෙය වුවද ප්‍රධාන ගැටලු සඳහා නිසි පිළියමක් ලබාදී නොතිබීම පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කළේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය රාජ්‍ය ව්‍යවසායන් අතරින් වැඩිම මහජන පෙත්සම් සංඛ්‍යාවක් ලැබී  ඇති ආයතනය බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධාන හෝ කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.



අදහස් (2)

පතල් බලපත්‍ර දීමේදී බරපතළ දූෂණ රැසක්

Bamunuarachchi Monday, 12 June 2023 10:09 PM

ලංකාවේ දුෂණය නැති ආයතනය අමාත්‍යංශය දෙපාර්තමේන්තුව මොකක්ද?

:       0       0

Sapna lakmini Thursday, 29 August 2024 12:51 PM

අපි ජීවත් වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කොට්ටාසයේ ගැටහැත්ත ග්‍රාමසේවක වසම අබේමුල්ල ගම. අප ගමේ පර් 40 පමන වන කුඹුරු තීරුවක නාය යෑම් අවදානමක් සහිත කන්දක් පාමුල අවදානම් සහිත ගමක් තිබියදී අප විසින් පෙත්සම් එම ආයතන වලට යෙමු කලද ඒවා කිසිදු අන්දමකින් සොයා නොබලා අවසර දී තිබේ .මේ සදහා සොයා බැලීමක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site