(එච්. චන්දන )
කේරළ ගංජා පාර්සලයක් ප්‍රවාහනය කරමින් සිටි නාවුක හමුදා බුද්ධි අංශ නිලධාරින් දෙදෙනකු සැක පිට අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
එම ඒකකයට ලැබුණු තොරතුරක් මත අද (21) දා දහවල් පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබේ.
නාවුක හමුදාවට අයත් යතුරු පැදියකින් කුඩා ගමන් මල්ලක බහා ගංජා ග්‍රෑම් 650 ක් ප්‍රවාහණය කරමින් සිටියදී මෙම නාවික නිලධාරින් දෙදෙනා මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සිදු කරණ ලද වැඩි දුර විමර්ශනවලදී මෙම නාවුක නිලධාරින් දෙදෙනා පුත්තලම තම්භපන්ණී නාවික හමුදා කදවුරට අනුයුක්ත සිවිල් රාජකාරී සිදු කරන බුද්ධි අංශ නිලධාරින් බවට පොලිසිය විසින් හදුනාගෙන තිබේ.
මෙම කේරළ ගංජා තොගය නාවික නිලධාරින්ට ලැබුණේ කෙසේද , මෙය කා හට ලබා දීමට ප්‍රවාහණය කලේද යන්න වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර එම විමර්ශණවලින් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා පුත්තලම පොලීසයට භාර දීමට නියමිතව ඇති අතර පසුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පි.එස්.ජයමහ , පුත්තලම සහකාර පොලිස් අධිකාරී ඔ.පි අමරබන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත උපදෙස් මත පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය ස්ථානාධිපති පො:ප: එල්.පි.එස් . පතිරණ , පො:සැ: සෙනවිරත්න (35007) , බණ්ඩාරනායක (41327) , පො:කො: වන්නිනායක (86158) , අජිත් (69102) , රාජකරුණා (87225) යන නිළධාරිහු මෙම වැටලීම සිදු කළහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පුත්තලමට ගංජා ඇද්ද නාවුක බුද්ධි නිලධාරීහු දැලේ
sharm warn Wednesday, 22 June 2022 10:41 AM
ආ.. දැන්වත් තේරුනාද වැඩේ හවුල් කරයො කවුද කියල?