IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුතුගේ මෝටර් රියට යටවී කථිකාචාර්ය මව මිය ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල)

කොහුවල ජයසුමනාරාම මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයක නවතා තිබූ   සුපෝබෝගේ මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී එයට යටවීමෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක මියගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ ජයසුමනා මාර්ගයේ පදිංචිව සිටි ජානකි දීප්තිකා ජයවර්ධන 59 හැවිරිදි දෙදරු මවකි.

පුතුට අයත් මෝටර් රථය මෙසේ  අනතුරට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මරණකාරියගේ පුතු අත්අඩංගුවට ගෙන ඇත.

ඡායා එච්.එම්.ධර්මපාල



අදහස් (5)

පුතුගේ මෝටර් රියට යටවී කථිකාචාර්ය මව මිය ගිහින්

ගුණරත්න Saturday, 08 March 2025 10:46 PM

අපරාදයක් වුනේ, ඔහොම දෙයක් කරන්න කලින් කරන්න ඕනෑ පළමු දෙය අත් තිරිංග ඇදලා තියන එක, කවුරු හරි වාහනේ ඉස්සරහ හෝ පස්සෙන් ඉන්නවා නම් කවදාවත් ඇක්සලරේටර් එක පාගන්න එපා.

:       2       3

සමන් Sunday, 09 March 2025 04:13 AM

විවාහ වෙලා ඉන්න පුතෙක් කියන්නේ බබෙක් නොවෙයි නේද? එච්චර වයසක ඉන්න දැනුම් තේරුම් ඇති පුතෙක් කාර් රෝදෙට තියපු ගල අයින් කරවන වෙලාවේ බ්‍රේක් පාගාගෙන හිටියේ නැත්තේ ඇයි? නිරපරාදේ වටිනා ජීවිතයක් නැති වුණා...

:       0       5

සෙනෙවිරත්න Sunday, 09 March 2025 10:23 AM

මේ වගේ අය නොදන්නා මගුල් නොකර සිටිය යුතුයි. අඩය ඉවත් කළපසු වාහනය ඉදිරියට එන බව මේ දෙන්නාම නොදන්නවා වගෙයි.

:       3       6

Rohana Sunday, 09 March 2025 04:04 PM

වාහන පැදෙව්වෙ නැතත් වාහනවල ක්‍රියාකාරිත්වය පිලිබදව යම් අවබෝධයක් සැමටම අවශ්‍යයි. එසේ නොවීම නිසා මෙවැනි දුක්මුසු පුවත් අසන්ට ලැබෙනවා. සැම දෙයම දන්නා පුතාත් ඔහුගේ මොලය අවස්ථාවට උචිත පරිදි කල්පනා නොකිරීම හේතුවෙන් තම මවගේ මරණය සිදුවීම අතිශයින්ම කණගාටුදායකයි.ජීවිතය කියන්නේ තණඅග ඇති පිනි බිංදුවක්වගේ කියන්නේ ඒකයි.

:       0       0

Bunny Preena Monday, 10 March 2025 11:26 AM

බොහෝම කණගාටුදායක මරණයක්... පල්ලමක ඔහොම වාහනය නවත්වලා ගොන් වැඩක් කරන්න ගිහිල්ලා රටට වටින හොඳ උගත්, බුද්ධිමත් කාන්තාවක් අහිමි වුණා. එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site