(ආනන්ද ඉ. ජයකොඩි සහ අධිකරණ ටෝනි කරුණානායක)
මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬුකරඳ ගසක් නීතිවිරෝධීව කපා වළ දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ගම්පහ අඩවි වන නිලධාරිවරයාට අද නොතීසි නිකුත් කළාය.
වඳවීමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ නම සඳහන්ව ඇති කෲඩියා සෙලනිකා නමැති පඬු කරඳ ගසක් නීතිවිරෝධීව කපා ඉවත්කර ඇතැයි කියමින් ගම්පහ අඩවි වන කාර්යාලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් මඟින් ඉකුත් දිනයේදී කරුණු දක්වා තිබිණි.
එම සිද්ධියට අදාළව නීතිඥ ලක්දිනු වීරසේකර මහතා මෝසමක් මගින් මෙම නඩුව ඊයේ (17) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
එම පඬු කරඳ ගස මහ රෑ හොර රහසේ කපා වළ දමා ඇති බවත් කැබිනට් ඇමැතිවරයකු එම ගස කපා ඉවත් කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කළ බවට ප්‍රකාශ කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මේ නීතිවිරෝධී අපරාධය කර ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වන නිලධාරීන්ට හැකියාව ඇති බැවින් ඒ සඳහා භාවිත කර ඇති යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ගම්පහ අඩවි වන නිලධාරීවරයාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කළාය.
පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් ලක්දිනු ධීරසේකර, උපුල් අබේවික්‍රම, ඇම්.ආර්. පෙරේරා, සංජය ගුණසේකර යන නීතිඥ මහත්වරු හා නීතිඥ චන්දිමා සතරසිංහ මහත්මිය අධිකරණයේ පෙනී සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පඬුකරඳ සිද්ධියට ගම්පහ අඩවින වන නිලධාරියා අධිකරණයට කැඳවයි
Demuni de Silva Tuesday, 18 July 2023 05:04 AM
කැබිනට් ඇමතිවරුත් තනි තනිව අධිකරණය හමුවට කැදවිය යුතුයි !