IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පැණී බිම බෝතල් මුඩියෙන් මත්කුඩු මතුවෙයි

(කුෂාන් ජයවර්ධන)

පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු මත් කුඩු තොගයක් ද සමඟ අද (01) සවස අත්අඩංගුවට ගැනීමට මරදන්කඩවල පොලිසිය සමත්ව තිබේ. 

ලද තොරතුරක් අනුව මරදන්කඩවල නගරයේදී සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබී තැන තැන සඟවා අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්කුඩු පැකට් 104ක් ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.  

අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර සෝදිසි කිරීමේදී සැකකරු පැලද සිටි ජැකට්ටුවක් තුළ සඟවාගෙන සිටිය දී එම මත් කුඩු තොගය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. 

පැණිබීම බෝතල් 52ක් තුළ එම කුඩු ඉතා සූක්ෂම ලෙස අසුරා සැකකරු පැලද සිටි ජැකට්ටුවක් තුල එම මත්කුඩු තොගය සඟවාගෙන සිටි බව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ සඟවාගෙන සිටියදී  මෙලෙස සොයා ගනු ලැබූ මත්කුඩු තොගය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම්  250ක් පමණ වන බව පොලිසිය කියයි.  

අත්අඩංගුවටපත් සැකකරු හෙට (02) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධීකාරී තිලින හේවාපතිරණ මහතා ඇතුලු කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග හා උපදෙස් අනුව සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශණ ආරම්භ කර ඇති අතර මරදන්කඩවල පොලිස් ස්ථානය මඟින් එම විමර්ශණ සිදු කෙරේ.



අදහස් (0)

පැණී බිම බෝතල් මුඩියෙන් මත්කුඩු මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 17 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site