IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පණු අඹ හා පුස් දිවුල් යුෂ කම්හලකට දඩ

අලව්ව මහරච්චිමුල්ලේ  කම්හලකින් පණූවන් ගැසු අඹ හා පුස් සහිත දිවුල් යුෂ නිශ්පාදනය කළ බව කියන මිලාන් ෆුඩ් සප්ලයර්ස් කළමණාකාරිණි නිලුකා සංජීවනීට රුපියල් දොළොස්දහසක දඩ නියම කළ පොල්ගහවෙළ මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා බලපත්‍ර රහිතව කැර ගෙන ගිය කම්හල වසා දමන ලෙසද නියෝග කළේය.

පණුවන් ගැසු අඹ හා පුස් සහිත දිවුල්වලින් නිපද වු කිලෝ තිහක යුෂ ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සේවකයන් 65 දෙනකු මෙහි සේවය කළ බවත් උසාවියේදී කියැවිණි.

 

 



අදහස් (0)

පණු අඹ හා පුස් දිවුල් යුෂ කම්හලකට දඩ

ටිකිරි බංඩා Sunday, 29 December 2013 04:13 PM

ලොකු ලොකු අය ලොකු ලොකු ගැහිලි ගහනකොට සොක්කෝ බල්ලෝ මරල හරි මුදල් හම්බ කරන්නයි පෙලඹෙන්නේ. රටට ගිය කලක්. (නදී)

:       0       0

රංජන් Sunday, 29 December 2013 11:21 AM

මුන් එල්ලුම් ගස් යවන්න ඕනේ මේ කරන අපරාදවලට.....(අ)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 12:08 PM

බලන්න ප්‍රමිතියකින් මේ ව්‍යාපාරය කලානම් ඇයටත් පිනක්. 65 දෙනෙකුගේ රැකියාවනුත් සුරක්ෂිතයි නේද?වැරැද්ද නිවැරදි කරගෙන නැවත පටන් ගන්න. යහපත් ගුණාත්මක දේ පාරිභෝගිකයන්ට සපයන්න. එවිට හොඳ ගමනක් යන්න පුළුවන් වේවි.(නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 29 December 2013 12:24 PM

මොවුන්ටම ඒ යුෂ පොවන්ඩ ඕනෑ.(නදී)

:       0       0

ජෙරාඩ් Sunday, 29 December 2013 01:25 PM

අධික වස විෂ යෙදු පලතුරු වලට වඩා පලතුරු වලින්ම හැදුනු පනුවන් සහ පුස් සහිත පලතුරු සෞඛ්‍යයට යහපත්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 29 December 2013 01:36 PM

ඕස්ට්‍රෙලියාවේ ඉඳලා ලක්ෂ්මන් කියන කතාව හරි වටිනවා. අපේ පුරුද්ද බනින එක මිසක් වැරැද්ද නිවැරදි කරලා නිවැරදි මාර්ගය පෙන්නන එක නෙවෙයිනේ. ඇත්තටම වෙන්න ඕන මේ කම්හල ලියාපදිංචි කරලා රාජ්‍ය අදීක්ෂනය යටතේ හොඳම ප්‍රමිතියකට මේ ආයතනය පවත්වා ගෙන යන්න උදව් කරන එකයි. රැකියා ප්‍රශ්ණෙටත් හොඳ විසදුමක් ලැබෙනවා. රටේ නිෂ්පාදන වලටත් රට ඇතුලෙම ඉල්ලුමක් ඇතිවෙනවා.(නදී)

:       0       0

චන්දන ගමගේ Sunday, 29 December 2013 02:13 PM

මේ අයට දෙන්න දඬුවම් අලුතින් හදන්න ඕනා.(නදී)

:       0       0

ගයාන් Sunday, 29 December 2013 02:21 PM

රටේ බඩු මිල ඉතා වැඩ්යි. මිනිස්සු වැරදි වැඩ කරලා හරි සල්ලී හම්බකරන්න හදන්නේ.(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 29 December 2013 03:32 PM

සේවකයෝ 65ක් වැඩ කරගෙන ගිහින් තියෙන්නේ බලපත්‍ර නැතුවයි මෙච්චර කාලයක්. මෙතන වැරදි කියක් කඩලද? පාරිභෝගික සේවා අධිකාරියට වගකීමක් නැද්ද ආරම්භ කරද්දීම ලියා පදිංචිය හොයල බලන්න. ආයිත් හොද තත්වයෙන් නිෂ්පාදන කටයුතු ඉක්මනින් පටන් ගත්තොත් හොදයි අර සේවකයන්ගේ පැත්තෙනුත් හිතලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site