සියම් මහා නිකායේ කල්‍යාණී සාම ග්‍රී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ පණ්ඩිත ගැට්ටෙපොල විමලරතන මාහිමියනට පින්පතා මතක වස්ත්‍ර පූජාමය පින්කමක් ලන්ඩන් නුවර තේම්ස් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
ගම්පහ විද්‍යාරවින්ද මහා පිරිවෙනාධිපති ධුරය හෙබවූ උන්වහන්සේ අපවත් වුයේ වයස අවුරුදු 104 දීය.
විහාරාධිපති කහත්තේවෙල චන්ද්‍රජෝති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ත දායක කාරකාදීන්ගේ සංවිධායකත්වයෙන් පැවතී මෙම සුවිශේෂ පිංකම සඳහා ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, ප්ලාස්ටෝ ලුම්බිණි විහාරාධිපති මාකුරේ මංගල හිමි, බම්බරකොටුවේ ආනන්ද මංගල හිමි, කොළඹ සේරුවිල බෞද්ධ විහාරාධිපති පුජ්‍ය කොටපොල අමරකිත්ති නාහිමි, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි පුජ්‍ය අස්සජී හිමි, ස්කොට්ලන්ත බෞද්ධ විහාරවාසී පුජ්‍ය දෙනගම ධම්මාරාම හිමි සහ තේම්ස් බෞද්ධ විහාර වාසී පුජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමි තේම්ස් බෞද්ධ විහාරයේ දායකයන් සහ හිතවතුන්ද සහභාගී වුහ.
අපවත්වී වදාළ මහනා හිමියන්ගේ දීගු කාලීන සේවාවෙන්
බෞද්ධ සාසනයේ පුනර්ජීවනය සඳහාත් පොදුවේ ශ්‍රී ලාංකික බෞද්ධ යන්ගේ ධර්මඥානය මෙන්ම යහගුණය නගාසිටුවීම සඳහාත් සිදුවූ අති විශාල පිහිට පිළිබඳව සිහිපත් කරමින් චන්ද්‍රජෝති හිමියෝ අනුශාසනාවක් පැවැත් වුහ.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ අපවත්වී වදාළ මහා නාහිමියන් වහන්සේ අතින් සිදුවූ අනුපමේය සේවා වෙනුවෙන් මුළුමහත් ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවම උන්වහන්සේට ණයගැති විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ නිර්මල බුදුදහම සුරැකිව චිරාත්කාලයක් පවත්වාගෙන යාම සඳහාත් නව පරපුර අතර ප්‍රචලිත කැරවීම සඳහාත් උන්වහන්සේ තම ජීවිතයම කැපකළ බව පැවසු සීලවිමල නාහිමියන් සඟ සසුන සඳහා ගුණවත් නැණවත් සංඝයාවහන්සේ අප්‍රමාණ සංඛ්‍යාවක් පුහුණුකරවමින් සිදුකල මෙහෙය අති උත්තම බවද මතක්කර දුන්නේය.
තේම්ස් බෞද්ධ විහාර දායක සභාවේ සභාපති දොස්තර හේරත් කුලරත්න පිංකම සඳහා සහභාගීවූ මහා සංඝරත්නයට සහ සියලුම ගිහි පින්වතුනට සිය කෘතඥතාවය පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පණ්ඩිත විමලරතන නාහිමි ගුණ සැමරේ