IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පාඨලීගේ නඩුව විභාගයට දින නියම කරයි

( මනෝප්‍රිය ගුණසේකර )

රාජගිරියේදී   රිය අනතුරක් සිදු කර  එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය.

තමා රෝගීව  නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීට පෙර දිනයේදී අධීකරණයට දැනුම් දුන්  පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ අධීකරණයේ පෙනී සිටිම  සළකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගයට දින නියම කළේය.

පාඨලී චම්පික රණවක මහතා සමග මෙම නඩුවේ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර  හා වැලිකඩ පොලීසියේ ස්ථානාධීපතිවරයා ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා චෝදනා ලැබ සිටිති.

 



අදහස් (10)

පාඨලීගේ නඩුව විභාගයට දින නියම කරයි

යෝගා Friday, 21 January 2022 10:58 AM

එහෙනම් ආයෙත් ඇඩ්මිට් වෙන්න වෙයි නේද?

:       24       30

Hafeel Friday, 21 January 2022 11:14 AM

ඊළඟ ප්‍රවෘත්තිය බැසිල් ලිත් නඩුවෙන් නිදොස්කොට නිදහස්...

:       10       43

පිටිගල මිලානෝ Friday, 21 January 2022 11:35 AM

සුනාමි සල්ලි හොරකමද, මිග් ගනුදෙණුවද, ලසන්ත සහ එක්නැලිගොඩ මිනීමැරුම්ද, දෙමව්පිය මළ සොහොනද, සීනි සහ පොල්තෙල්ද, සීයට දහයේ මල්වානේ මාලිගාවද, පැන්ඩෝරා ඩොලර්ද...? මොන නඩුවද අහන්නේ...?

:       13       50

සුරලොව ඇල්මන්ගේ Friday, 21 January 2022 01:12 PM

මිලානෝ හරි... ඒ කාලේ කිව්වේ පිටුපසින් පැමිණි අධිවේගී යතුරු පැදියක් මුන්දැගේ වාහනයේ හැපුනා කියලයි. අනෙක්වා නිදොස් කොට නිදහස් කළත් රටට සේවයක් කළහැකි මොළ ඉවත් කිරීම දෙගොල්ලන්ම කරාවි. මතකද ලලිත් ගාමිණී ඉවත්කර සමූපකාර පරීක්ෂකවරයා, අගමැතිවරයා ලෙසට පත්කර ගැනීම... මේකත් එහෙම වෙන්න බැරි නැහැ.

:       4       25

Shan Friday, 21 January 2022 01:00 PM

කම්බ හොරු නිදැල්ලේ.. රටේ නායකයන්, මිනීමරුවන් නිදහස් කරනවා. ඒත් කවුරුවත් මැරුණෙවත් නැති රිය අනතුර තමයි ලොකුම නඩුව. මේවා මෝඩ බයියලාටම හොඳයි. තාජුඩීන්, එක්නැලිගොඩ, ලසන්ත වගේ මරණ කරපු අය ඇතුළට දාපු නැති එකේ පවා තමයි දැන් හැමෝම ගෙවන්නේ...

:       7       29

saliyaFriday, 21 January 2022 01:35 PM

මහ මග ධාවනයට අවසර නැති අධි බලයෙන් යුතු රථයක් පදවා, පිටුපසින් පැමිණ අනතුරක් කළ තරුණයා අද අසරණ වී ඇත. ඔහු හට පිහිට විය යුතුය. එහෙත් ඔහු තම වරද පිළිගත යුතුය. ඔහු පෙළඹවීම් වලට යට නොවී සිටින්නේ නම් වඩා සුදුසුය.

:       4       28

PradeepFriday, 21 January 2022 03:45 PM

100% එකඟයි

:       4       10

මහසෙන්Friday, 21 January 2022 04:08 PM

මෝඩ බයියලා,බුද්දිමත් ටොයියලා.ඕන්න ඕක තමා ඔය කියලා තියෙන වැරදි වලට.දඩුවම්.නොදෙන්න හේතුවෙලා තියෙන්නෙත්.ඔය විදියට රට්ටු බෙදිලා.ඉන්න තරමට ඔය හැම එකාටම. උන්ගේ වැඩ එකතු වෙලා කරගන්න ලේසි.මෙයා මෙච්චර නිර්දෝෂ නම් මොකටද ඉස්පිරිතාලෙ යන්නේ බොරුවට.යකඩ.මිනිහනේ.මේ කොයි අය්යලගේ කිල්ලෝට වල හුනු ටික.ටික. තියෙනවා.නික්ං බයියොයි ටොයිය්යොයි කිය කියා සුදු හුනු ගාන්න එපා.ඔය එකෙක්ටවත්.

:       7       8

මහසෙන් Friday, 21 January 2022 03:15 PM

මේ සිදුවීම උනේ මෙයා ඇමති කෙනක්ව සිටියදි.නමුත් එතන දී මෙයා හැසිරුනේ සිද්දියට මෙයා සම්බන්ද නෑ වගේ.අනික මේ තවත් වෙන්න ජනාධිපති කෙනෙක්.එයා හරිම ස්මාර්ට් ලෙස හිතන බව පෙන්වන අන් අයට වඩා සම්පුර්ණ යෙන් වෙනන් කෙනෙක් ලෙසත් මමත්වය ඉවහා ගිය කෙනක් ලෙසත් දන්නෝ දනිති.යකඩ හොරු,ඉඩම් හොරු,හාල් හොරු ඔය නොයෙක් ජාතියේ හොරු අතර මෙයා ස්මාට්.නමුත් රට්ටු බේරගන්නවා කියලා මයික් වලට කියලා අන්තිමට තමන්ට ප්‍රස්න ආවහම නවතින්නේ ඉස්පිරිතාලේ.

:       7       15

beau Friday, 21 January 2022 03:27 PM

මුන් ඔක්කොම හොරු

:       7       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site