IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාඨමාලාවට යමින් සිටියදී සිසුවා ලොරි මාරයා බිලිගනී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ගොඩගම කාර්මික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට යතුරුපැදියකින් යමින් සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු අද (08) දා උදෑසන ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල වනහාගොඩ පදිංචි  කාරියවසම් අතුකෝරළගේ  දොන් ඉසුරු මදුශාන් නමැති පාසැල් සිසුවෙකු බව පොලීසිය කියයි .

මෙම පාසල් සිසුවා තම වැෆිමහල් සහෝදරයාට අයත්  යතුරුපැදියකින් හංවැල්ලේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ ගොඩගම පිහිටි කාර්මික විද්‍යාලයේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවක් සදහා යමින් සිටියදී අද (8) දා උදෑසන  7.30 පමණ  කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ  ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ .

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ .

අනතුරුව  මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබුණි .

අනතුරෙන් යතුරු පැදියට බරපතළ හානි සිදුව තිබූ අතර ලොරි රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පාඨමාලාවට යමින් සිටියදී සිසුවා ලොරි මාරයා බිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site