IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොටෝ ශාලාවේ හොර සල්ලි අච්චු ගහලා

(මොහොමඩ් ආසික්)

අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක කාමරක් තුල රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 43ක් සහ ඒවා මුද්‍රණය කිරිම සඳහා භාවිතා කළ පරිගණක උපකරණ ඇතුළු උපකරණ පොලිස් භාරයට  ගත් බව පොලීසිය කියයි.

පසුගිය උත්සව සමයේ භාණ්ඩ මිළ දී ගෙන රුපියල් 5000 නෝට්ටු මාරු කරමින් යන පුද්ගලයකු පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් හමු වී ඇති අතර පසුව කළ ප්‍රශ්න කිරිම් හමුවේ මෙම සැකකරු රුපියල් පන් දහසේ නෝට්ටු මාරු කරන තැරැව්කරුවකු බව හෙළිවී ඇති අතර ඔහු සතුව තිබූ තවත් රුපියල් පන්දහසේ නොට්ටු 40 ක් තිබී ඇති අතර පොලීසිය දැක ඒවා වැසිකිලි වලට දමා තිබේ. පසුව ඒවා ගොඩ ගෙන බැලීමේදී ඒවායේ තීන්ත බොඳ වී තිබූ බවත් පොලීසිය කියයි.

මෙම ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු පරිගණකය භාවිතා කරමින් මුද්‍රණය කළ බව කියන පුද්ගලයා සහ එම ව්‍යාජ නෝට්ටු සැබෑ මුදල් බවට පත් කරමින් සිටි බව කියන තැරැව්කරුද පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා 20 වනදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

 



අදහස් (0)

පොටෝ ශාලාවේ හොර සල්ලි අච්චු ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site