IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෙට්‍රල් රුපියල් 2 කින් අඩුකරයි

(යොහාන් භාසුර)


ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් බවත් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

මෙම මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එම  සංස්ථාව පැවසීය. 

ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දැමූ බවත් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 286 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමූ බවත් භූමිතෙල් ලීටරයක  නව මිල රුපියල් 188 ක් ද, වන බවත් එම සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 371 ක සහ  සුපිරි ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 313 ක පවතින බවත් එම සංස්ථාව කීය. 



අදහස් (6)

පෙට්‍රල් රුපියල් 2 කින් අඩුකරයි

Kumasaru Sunday, 01 December 2024 01:57 AM

කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි... ජයවේවා...!

:       1       23

Nirmalan Sunday, 01 December 2024 06:21 AM

තෙල්වලට බදු ගහලාද, බදු වලට තෙල් ගහලාද කියලා අහන්න එකෙක් නෑනේ. තුනෙන් දෙකකුත් දීලා තෙල් මිල අඩු වෙනකන් බලන් හිටපු හැට අට ලක්ශයක ගොන් හැත්තට අපගේ ගෞරවනීය ප්‍රණාමය...!

:       4       25

ඒ වුනාට අපි .... Sunday, 01 December 2024 06:31 AM

හෝදපල්ලා හෝදපල්ලා, දැන් ඇවිත් කියපල්ලා බජට් එක ගේනකන් අඩු කරන්න බෑ කියලා. ඊට පස්සේ පුංචි ඡන්දෙත් දිනලා ඉවර වෙලාම වැඩි කරපල්ලා. අවුරුදු 5ම ඔච්චර තමයි.

:       4       21

primeshika Sunday, 01 December 2024 08:49 AM

හිටපු ඇමැති කාංචන ඉස්සර ලීටරයකින් ගන්නවා කීව රු 160ක කොමිස් එක දැන් කාගේ ගිණුමටද දන්නෑ දැන් යන්නේ...?

:       2       24

pj Sunday, 01 December 2024 09:13 AM

මහ මෙරක් තටමා හූණු බිජ්ජක් වදා ඇත.

:       3       32

Toni Monday, 02 December 2024 10:09 AM

මෙවැනි දැවැන්ත සහනයක් ලබාදුන් සහෝදරවරුන්ට මගේ හදපිරි මෙව්වා එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site