
(අංජුල මහික වීරරත්න)
2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 5ක් (බැරල් මිලියන 1.5ක්) දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ සපයා ගැනීම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගබඩාගත ටැංකි වලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රම වේදය සහ නෞභාර පත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යන විකල්ප ගෙවීම් කොන්දේසි යටතේ ලංසු කැඳවා තිබේ.
ඒ අනුව ලංසු 7 ක් ලැබී ඇති අතර, මූලික ඇගයීමේදී ලංසු 3 ක් ප්‍රතික්ෂේප වී ඇත.
ස්ථාවර තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව නිකුත් කළ දින සිට දින 30 කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රම වේදය යටතේ සිංගප්පූරුවේ විටෝල් ඒ ෂියා පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
සිල්වා Wednesday, 06 November 2024 12:42 PM
මෙම ඇනවුම් තොගය ලැබෙන විට බොහෝම සහනදායි මිලට ඉන්ධන ලැබිය යුතුය.