IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පුටින්ගෙන් නේටෝවට රතු එළියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයට ලබාදී ඇති බැලස්ටික් දිගුදුර මිසයිල භාවිත කරමින් මොසක්ව් නගරයට සහ රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව ඇතුළු මිත්‍ර රාජ්‍යයන් යුක්රේනයට අවසර ලබාදුනහොත් එය නේටෝ සංවිධානය රුසියාව සමග යුද්ධයකට එළැඹීමක් ලෙස සළකන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

එම අවසරය වත්මන් අර්බුදයේ මුහුණුවර සම්පූර්ණයෙන් වෙනස් කරනු ඇති බවත් එවිට නේටෝ සංවිධානයෙන් රුසියාවට එල්ල වන තර්ජනයට මුහුණදීමට අවශ්‍ය පියවර ගැනීමට රුසියාව සුදානම් බවත් ජනාධිපති පුටින් අනතුරු ඇඟවූවේය.

යුක්රේනයට ලබාදී ඇති දිගුදුර බැලස්ටික් මිසයිල රුසියාවේ අභ්‍යන්තරයේ ඇති හමුදා ඉලක්කවලට පහරදීම සඳහා අවශ්‍ය අවසරය බටහිර රාජ්‍යයන් යුක්රේනයට ලබාදීමට වැඩි සම්භාවිතයක් තිබෙන අවස්ථාවක රුසියානු ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඉකුත්දා යුක්රේනයේ සංචාරය කළ අවස්ථාවේ ඇමෙරිකාව යුක්රේනයට ලබාදුන් දිගුදුර මිසයිල රුසියාව අභ්‍යන්තරයේ ඇති හමුදා ඉලක්කවලට පහරදීම සඳහා අවසරය ලබාදීමට සළකා බලමින් සිටින බවට ඉඟියක්ද ලබා දුන්නේය.

වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඇමෙරිකානු ජනාපති ජෝ බයිඩන් සහ එක්සත් රාජධානි අගමැති කියර් ස්ටාමර් පසුගිය 13 වැනිදා ධවල මන්දිරයේදී හමුවක් පවත්වා ඇති අතර ඇමෙරිකාව ඇතුළු මිත්‍ර රාජ්‍යයන් යුක්රේනයට ලබාදී ඇති දිගුදුර මිසයිල භාවිත කරමින් රුසියාවේ අභ්‍යන්තරයට පහරදීම සඳහා අවසර ලබාදීම එම හමුවේ ප්‍රධාන මාතෘකාවක්වී ඇත. එසේම ඔත්තු බලන බවට චෝදනා කරමින් රුසියාවෙන් නෙරපූ බ්‍රිතාන්‍ය රාජ තාන්ත්‍රිකයන් සය දෙනා පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇත.

එම හමුව ආරම්භ වීමට ප්‍රථම ජනපති බයිඩන් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සැමවිටම එක්සත් රාජධානිය සමග සිටගන්නා බවත් ඇමෙරිකාවට සහ එක්සත් රාජධානියට එක්ව වැඩ කළ නොහැකි ගෝලීය ගැටළුවක් නොමැති බවත්ය. මාධ්‍ය හමුවේදී පුටින්ගේ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා ඇති අතර එහිදී තමන් පුටින් ගැන කිසිදු තැකීමක් නොකරන බව ජනපති බයිඩන් පවසා ඇත.

 



අදහස් (0)

පුටින්ගෙන් නේටෝවට රතු එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1111 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site