IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පට්ටමට තට්ටු කරන්න ගිහින් මට්ටු වෙයිද?

2016-07-14-ent-07රාජ්ජ පරිපාලනේ මහලේකම්ගේ කතාවක් අල්ලගෙන උන්නැහේගෙ පට්ටමට තට්ටු කරන්න ආණ්ඩුවෙ ලොකුම කන්තෝරැවක ඉන්න ලොකුම මට්ටමේ ලේකම් කෙනෙක් ගමකට වැඩලු..

පසුගිය පැවති ඡන්දය වෙලාවෙ අනිත්ම මොහොත වෙනකම් හිටපු ලොකු තැනගෙ සෙවනෙ ඉඳල කරපු සමහර වැඩ නිසා "බ්ලැක්බුක් එකෙත් නම ලියැවණයි කියන මුන්නැහේ කෝච්චර දක්‍ෂද කිව්වොත් පැය 24ක කරණමක් ගහලා රටේ මහම ලේකම් පුටුවකට අරක් ගත්තලු.

කොහොමහරි උන්නැහේගෙ පට්ටම ඊට වඩා හොඳට කරන්න පරිපාලන ලේකම් තැන දන්නවය කියලා ආණ්ඩුවට ප්‍රබල තැනකින් ඉහළ නිර්දේශයක් ආවා. ඔන්න ඔය හුටපටේ හේතුවෙන් පරිපාලනේ ලේකම් තැනට කටින්න බලන් ඉන්නකොට උන්නැහේගෙ මේ ප්‍රකාශනය නිකුත් වුණා..

ඒක ඉහළට පත්තු කරලා පරිපාලන ලොක්කා දොට්ට දාන්න සටන පටන් ගත්තෙ ඉන් පස්සෙලු. මේ සටනෙ ප්‍රතිඵලයක් හැටියට පරිපාලන ලේකම් තැන තැපෑලට තල්ලු කරලා. ඒත් උන්නැහේ ඒකට එරෙහිව හොඳ සටනක් දෙන්න යනවා කියලයි ආරංචිය. සමහර විට ඉදිරි කාලෙදි බ්ලැක්බුක් එකේ නම තිබුණු මහත්තයගෙ ජාතක කතාව එළි දකින්නත් පුළුවන්.

 

DESHAYA



අදහස් (0)

පට්ටමට තට්ටු කරන්න ගිහින් මට්ටු වෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 159 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site