IMG-LOGO

පොටෝකොපියකුත් රුපියල් 5 කින් ඉහළට

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ඡායාපිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බවත් අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා අද (10) පැවසීය.

ඡායාපිටපත් ගාස්තුව රුපියල් 10 ත් 12 ත් අතර මේ වන විට පවතින බව කී ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මිල තව දුරටත් වැඩිවීමෙන් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මව්පියන් දැඩි අපහසුචතාවට පත්වන බව ද සඳහන් කළේය.

ඡායාපිටපත් කඩදාසි බන්ඩලයක මිල රුපියල් 580 ත් 640 ක්ව තිබියදී ඡායාපිටපතකට රුපියල් 4 ත් 5 ත් අතර අයකළ බවත් ඡායාපිටපත් කඩදාසි බන්ඩලයක මිල මේ වන විට රුපියල් 3200 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන්ද්‍රජිත් මහතා කීය.

පාලකයන් ජනතාව ගැන නොසිතා රජයේ ආයතනවල පාඩුව මකාගැනීමට ජනතාවගේ බෙල්ල මිරිකන තීරණ ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමුවේ යැයි උජාරුවට පැවසීම අනුමත කළ නොහැකි බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.



අදහස් (1)

පොටෝකොපියකුත් රුපියල් 5 කින් ඉහළට

Bamunuarachchi Wednesday, 10 August 2022 07:03 PM

මෙතෙක් කල් පාලකයන් ජනතාවට වියදම්වල නියම බර නොදී සහන සලසපු නිසයි අද අපි මේ තත්ත්වයට වැටුණේ. කොමිසමේ සභාපතිවරයා විදුලි ගාස්තු සියයට 75කින් ඉහළ දැමුවේ යැයි උජාරුවට පැවසීම නොවෙයි එක ෆොටෝ කොපියක ගහන්න රුපියල් 5ක් විදුලිබලයට අයකිරීම අපිට අනුමත කළ නොහැකි බව අපි කියනවා.

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 474 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 910 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site