IMG-LOGO

පැංචා දැන් ලොක්කෙක්ලු...

2016-10-02-ent-82

නම

කසුන් ජයවර්ධන

 

පවුලේ විස්තර?

අම්මා තාත්තා සහ මම. දැන් විවාහකයි මට අවුරැදු 3ක පුංචි පුතෙක් ඉන්නවා

 

ඔබේ පාසැල් කාලය?

මුලික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල මාධ්‍ය මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ උසස් පෙළ සමත් වුණේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන්.

 

මාධ්‍යට සම්බන්ධ වෙන්නේ කොයි කාලේද?

ඉතාම කුඩා අවදියේදී. 1992 දී මට අවස්ථාව ලැබුණා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා ශිල්පියෙකු විදියට සම්බන්ධ වෙන්න. එහිදී නිවේදන, නාට්‍ය, ගායන කියන අංශවලින් ළමා පිටිය, සරස්වතී මණ්ඩපය, ගුවන් විදුලි නාට්‍ය සහ වෙසක් නාට්‍යවලට දායක වුණා.

 

මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබේ ගුරැවරයා කවුද?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, ගත්කතුවරයෙකු සහ ප්‍රවීණ ගීත රචකයකු වන මහින්ද අල්ගම මහතා. එතුමාගෙන් තමා සියල්ල ඉගෙන ගත්තේ. ඒ වගේම මතක් කරන්න ඕනේ එවක හිටිය ජේෂ්ඨයින් රුසකගේ ගුරැ හරැකම් ලබන්න මම වාසනාවන්ත වුණා. ඒ සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ. මොකද ඒ තුළින් ලබපු අත්දැකීම මෙපමණයි කියන්න බැහැ.

 

ඔබේ ගුවන් විදුලියේ සමකාලීන මිතුරන්?

කස්සප සෙනරත්, නිපුන සිරිපති, අරවින්ද ලොකුගේ, සුදේව හෙට්ටිආරච්චි, සම්පත් තුෂාර, ලක්මාලි වෙලගෙදර, මෝක්ෂා විජේසුරිය මේ වගේ ගොඩක් අය. එදා ඉඳන් අද දක්වාම අපි මිතුරන්. ඒ වගේම මතක් කරන්න ඕනේ ගුවන් විදුලියෙන් ලබපු අත්දැකීම් එක්ක අපි අපේ ඩී.එස් සේනානායක විද්‍යාලයේ මාධ්‍ය ක්‍රියාකාරකම් රුසක් කළා. ඒ අතර නිම්නාද කියලා ගුවන් විදුලි සේවයක් අපි කළා. ඒ වගේම සියපත කියලා සඟරාවක් කළා. මේ වගේ විවිධ මාධ්‍ය ක්‍රියාකාරකම් රුසක් අපි කළා.

 

වෘත්තීය මාධ්‍ය ජීවිතේ ආරම්භ වෙන්නේ කොහොමද?

ගුවන් විදුලියෙන් ලබපු පන්නරයත් එක්කම මට අවස්ථාව ලැබුණා ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ සහ සිරස ආයතනයේ හඬ කැවීම් කටයුතු කරන්න. පුංචි ළමයි අතර ගොඩක් ජනප්‍රිය වුණු පැංචා කාටුනයේ "පැංචා" ට හඬ දුන්නේ මමයි. ඊට අමතරව සුරවීර සෑම් ඒ වගේම රාජුයි රංචුයි කියන කාටුන් සඳහා හඬ දායකත්වය ලබා දුන්නා. ඔය අතරේ තමා මට සිරස ආයතනයේ චන්ද්‍රා රණතුංග මහතා ආරධනා කළේ සිරසට එන්න කියලා. ඒ අනුව 2003- 2009 දක්වා මම එහි සේවය කළා. ඊට පස්සේ ගුවන් විදුලි මිතුරන් වන කස්සප සෙනරත්, නිපුන සිරිපති සහ මම එකට එකතුවෙලා Youth Radio ගුවන් විදුලිය ආරම්භ කරන්න මුල් වෙලා වැඩකරන්න හැකියාව ලැබුණා. ඔය අතරේ තමා 2012 දී හිරැ TV පටන් ගන්නේ. ඉතින් මට එහි වැඩසටහන් අධ්‍යක්ෂක විරාජ් වැලිවත්ත මහතා කතා කළා හඬ කැවීම් අංශයේ ප්‍රධානියා විදියට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ අනුව තමා අදටත් මම හඬ කැවීම් අංශයේ ප්‍රධානියා විදියට කටයුතු කරන්නේ.

 

ගුවන් විදුලියේ අංශ කිහිපයකට දක්ෂතා දැක්වූ ඔබ අද හඬ කැවීම්වලට සීමා වෙලා නේද?

මෙහෙමයි, මම විවිධ අංශවලට සම්බන්ධ වුණාට මට වැඩිපුර අවස්ථා ලැබුණේ හඬ කැවීම්වලට. මම හිතන්නේ මගේ ඇඟේ තිබ්බේ රංගනය. ඒ නිසා වෙන්න ඇති මම මේ අංශයට වැඩියෙන් යොමු වුණේ.

 

ඔබට රාජ්‍ය සම්මාන පවා ලැබුණා

ඔව්. මට 2013 දී රාජ්‍ය සම්මාන ලැබුණා වසරේ හොඳම හඬ කැවීම් වැඩසටහනට. ඒකත් හරි අපූරැ අවස්ථාවක් මොකද මට ඒ සම්මානය ලැබෙන්නේ තෑගී පැංචා කියන ළමා චිත්‍රපටයට. එහි එන ප්‍රධාන චරිතයට හඬ දායකත්වය ලබාදුන්නෙත් මම. ඉතින් ඒක හරි අහඹු සිදුවීමක්. පසුගිය වසරේ ජනසන්නිවේදකයින්ගේ සංගමය මගිනුත් මට හඬ කැවීම් ක්ෂේත්‍රයට දක්වන දායකත්වය වෙනුවෙන් ඇගයීමක් ලැබුණා.

 

හඬ කැවීම්වලදී සිදු වූ අමතක නොවන අත්දැකීම්?

එහෙම අත්දැකීම් නම් ගොඩක් තියෙනවා.

 

2016-10-02-ent-81

 

ආපසු හැරිලා බලද්දී අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

හොඳ දුරක් ඇවිත් තියෙනවා. ජීවිතේ කෙනෙක්ට ලබාගන්න පුළුවන් ඉහළම දුරක් ඇවිත් තියෙනවා. ඒ ගැන හිතද්දී නිහතමානීව මම මා ගැනම සතුටු වෙනවා. හැබැයි මට මීට වඩා යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. මොකද අපි ගුවන් විදුලිය හරහා භාෂාවේ සිට සියලු දේ හරියට ඉගෙනගත්ත අය. හුඟක් කැප කිරීම් කරලයි මේ දුර ඇවිත් තියෙන්නේ. සතුටුයි ඒ ගැන.

 

අනාගත බලාපොරොත්තු?

තව තව හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයින්ට ලබාදීම. ඒ චිත්‍රපටයකින් ටෙලි නිර්මාණයකින් හෝ ළමා වැඩසටහනකින් වෙන්න පුළුවන්. මොකක් හෝ හොඳ දෙයක් කීරීම තමා අනාගත බලාපොරොත්තුව.

 

අනූ

 



අදහස් (1)

පැංචා දැන් ලොක්කෙක්ලු...

වාසනා රණහංසි Wednesday, 23 January 2019 09:44 AM

ගොඩාක් හොදයි.. පැංචා මං පොඩි කාලේ ආසාවෙන් බැලුව කාටූන් එකක්.. බැලුවට හඩ කැව්වේ කවුද කියලා දැන ගත්තේ අදයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site