IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි

(රන්ජන් කටුගම්පොළ)

නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ දින හතරක කාලයක් පුරා විභාගයට ගෙන අවසන් කිරීමට ‍‍ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය.

පළාත් පාලනය මැතිවරණය පසුගිය වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණත් මෙතෙක් එය නොපවත්වා කල් දමා ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් සිව්පුද්ගල ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් ලබන 29 සහ 31 යන දිනවලද ජුනි 03 සහ 05 වැනි දිනවලද දවස පුරා විභාගයට ගෙන අවසන් කිරීමට තීරණය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම්  සලකා බැලීය.

පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් ඊයේ (21) විභාගයට ගැනීමට නියමිතව තිබුණත් විනිසුරු මඬුල්ලේ නිශ්චිත සංයුතිය නොමැතිවීම හේතුවෙන් පෙත්සම් විභාගය කල් තැබිණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ආචාර්ය හරිණි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන්  මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයෝ නම් කරනු ලැබ සිටිති.

පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ මාර්තු 09 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබුණත් නියමිත දින එම මැතිවරණය නොපැවැත්වීමෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාළ මැතිවරණය වහාම පැවැත්වීමට නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ උපුල් ජයසූරිය යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.



අදහස් (0)

පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site