IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පුංචි ඡන්දෙ නාම යෝජනා නැවත කැඳවන්න නීති හදයි

(අංජුල මහික වීරරත්න)

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීම පිණිස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම් පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2024-09-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. 

මේ පිළිබඳව 2024-11-25 දින පාර්ලිමේන්තුවේ කථානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදී 2023 වර්ෂයේ කැඳවන ලද නාම යෝජනා අවලංගු කර අලුතින් නාම යෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ. 

ඒ අනුව, සියලු ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය සහ තරුණ ප්‍රජාවගේ ඡන්දය සඳහා නාම යෝජනා ලබා දීමේ අයිතිය ආරක්ෂා වන පරිදි දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා වන නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකි වන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

පුංචි ඡන්දෙ නාම යෝජනා නැවත කැඳවන්න නීති හදයි

Rohana Tuesday, 03 December 2024 04:22 PM

නාම යෝජනා නැවත කැඳවන්න වුනේ රනිල් වැනි පළපුරුදු අය ගෙනගිය වැඩපිළවෙළ නිසා.

:       0       0

swene Wednesday, 04 December 2024 05:36 AM

ජනතා චන්දයෙන් පත් වනවා යයි කියල පත්වූ බොහෝ සභාපතිලා දුෂිතයි. ඔවුන් නැතිව දැන් ගෙන යන පාලනය නිලධාරි වාදය කියල හංවඩු ගැසුවත්, හිටපු සභාපතිලා බොහොමයකට වඩා හොඳයි. අවසාන ප්‍රතිපලය එවැනි සභාපතිලා පත් කරගැනීම නම් චන්දයක් අවශ්‍යත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site