(රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මෙතෙක් දිනයක් නියම කර නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් මැතිවරණ කොමිසම මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා වහාම දිනයක් නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් තබන්නැයි ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයකු ගොනු කෙට ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙනන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බව දැනුම් දුන්නේය.
පෙත්සම කැඳවන් ලැබු අවසස්ථාවේ ඉදිරිපත් වු කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සැප්තැම්බර් මස 04 වැනිදා සළකා බැලීමට දින නියම කළේය” ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්” තුරේරාජා” ශිරාන් ගුණරත්න සහ ඒ”එච්”එම්” නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.
විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්” එම්”ආර්” විජේසුන්දර මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතු`ථ පිරිසක්නමම් කොට ඇත” පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාර මැතිවරණ කොමිසම වෙනවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා දිනයක් නියම කර නැතැයි පැවසීයී.
පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මුදල් ලැබුණහොත් හෝ අධිකරණයෙන් නියෝගයක් ලැබුණහොත් වහාම මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කරන බව ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතා වැඩිදුරටතත් දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දයට දින නියම කර නෑ
Bamunuarachchi Thursday, 11 May 2023 05:27 PM
පවත්වන්නේ නැති දෙයකට දින නියම කරන්න තරම් රනිල් මෝඩ නැහැ.
විසිල් Friday, 12 May 2023 07:30 AM
එයාලාගේ පංතිය පරදිනවා කියලා දැනෙන තාක් කල් ඔය දින නියමය සිදු වන්නේ නෑ. එහෙම නේද රනිල්.මහත්තයෝ ?
අමා Friday, 12 May 2023 11:32 AM
පීරිස්ලට පුලුවන්නෙ දිනයක් නියම කරන්න, අර මාර් තු 9 යෝජනාකලා වගේ. ඕක මාර් තු 10 වත් දැම්මනම්, චන්දෙ තියල.
Athula Friday, 12 May 2023 03:39 PM
එතකොට මැතිවරණ තියෙන්නේ රටේ මූලික නීතියට අනුව නොවේද? එහෙනම් මේ ජනාධිපතිත් නීත්‍යානුකූල නැහැ.. ඌව එළියට ඇදලා දාන්න ඕනේ...!