IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුංචි ඡන්දෙට බාලගිරි‌ දෝෂය

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය  එළඹෙන 25 වැනිදාද  පැවැත්වීමට නොහැකි වනු ඇතැයි  පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ අගමැතිවරයා අතර අද (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඡන්දය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ජානක වක්කුඹුර මහතා මෙසේද සඳහන් කළේය.

දැන් තියෙන තත්වය අනුව 25  වැනි දා ඡන්දය තියන්න අමාරුයි. ඒක  ඕන කෙනෙකුට ඒක පේනවා. මොකද  තැපල් ඡන්දය තිබ්බේ නැති නිසා. කොමිසම  අප්‍රේල්  විසිපස් වැනිදාට පෙර ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක්  කරාවි.

මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මැතිවරණ කොමිසමේ  ඉල්ලීම්වලට  සාධාරණයක් ඉටු කිරීමට කැපවන බවට අගමැතිවරයා මෙහිදී ප්‍රකාශයක්  කළා. මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන ආකාරය ගැනත් සාකච්ඡා කළා.මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවනවා කියලා කිව්වා. අනතුරුව එම නිලධාරීන්  ඡන්දයට ඉදිරිපත්වන කොට්ඨාශයෙන් පිටත  ස්ථානයකට පත්කරලා වැටුප් ගෙවන්න කටයුතු කරනවා.



අදහස් (7)

පුංචි ඡන්දෙට බාලගිරි‌ දෝෂය

විපරමා Monday, 10 April 2023 03:23 PM

බාලගිරි දෝෂය නෙවෙයි ,දූෂිත දේසපාලුවෝ බයයි. පොඩි සහන ටිකක් දීලා ,ජනතාව අන්දවන්ඩ කල්මරණවා..

:       2       25

Lal Monday, 10 April 2023 03:32 PM

ඡන්ද එපා

:       25       6

kim jon Monday, 10 April 2023 09:32 PM

පලයන් උතුරු කොරියාවට

:       0       0

swene Monday, 10 April 2023 04:13 PM

බාලගිරි දෝෂය නෙවෙයි. ජනපතිත් රජයත් විරුද්ධව කටයුතු කළා මෙන්ම කොමිසමත් තම බලය පාවිච්චි කරලා තියන්න උත්සාහ කලේ නැහැ .

:       2       21

saman Monday, 10 April 2023 04:33 PM

NPP එකට බය වෙච්ච තරමක්!

:       4       20

podi hadaya Monday, 10 April 2023 05:19 PM

ඡන්දෙ තිබ්බොත් ප්‍රතිඵල එනකොට සමහරුන්ට පාචනේ හැදිලා තියෙයි..

:       3       20

Bamunuarachchi Wednesday, 12 April 2023 06:45 AM

බාලගිරි දෝෂෙන්ම අභාවත්ප්‍රාප්ත උනත් කමක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site