IMG-LOGO

පුංචන්ගේ Films

2016-10-02-ent-66 

ජාත්‍යන්තර ලෝක ළමා දිනයට සමගාමීව අප අද විමසා බලන්නේ සිංහල සිනමාවේ මෙතෙක් නිර්මාණය වී ඇති ළමා චිත්‍රපට පිළිබඳවය. ලෝක සිනමාවේ මුල්ම ළමා චිත්‍රපටය ලෙස සටහන් වන්නේ 1918 මාර්තු 31 වැනිදින තිරගත වූ "ද බ්ලූ බර්ඩ්" නම් වූ මිනිත්තු 75කින් යුත් නිහඬ සිනමා පටයයි.

සිංහල සිනමාවේ කතානාද යුගය 1947 ජනවාරි 21 වැනි දින ආරම්භ වුවද, මුල්ම ළමා චිත්‍රපටය තිරගත වන්නේ 1976 අප්‍රේල් 2 වැනිදාය. ඒ මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ "මඩොල් දූව" ළමා නවකතාව අළලා ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් විසින් එනමින් තැනූ චිත්‍රපටයයි.

1979 නොවැම්බර් මස 16 වැනි දින මුලින්ම තිරගත වූ ටයිටස් තොටවත්තයන්ගේ "හඳයා" චිත්‍රපටය මෙතෙක් නිර්මාණය වූ හොඳම ළමා චිත්‍රපටය ලෙස පිළිගැනේ. ආරියරත්න විතානගේ "අතුරැ මිතුරැ" චිත්‍රපටය නිර්මාණය කරන්නේ 1986 වසරේය. එය එම වසරේ අප්‍රේල් 4 සිට ප්‍රදර්ශනය විය.

එදා මෙදා තුර වැඩිම හා ආකර්ෂණීයම ළමා චිත්‍රපට නිර්මාණය කළ සෝමරත්න දිසානායක ඔහුගේ මුල්ම ළමා චිත්‍රපටය "සරෝජා" ජනගත කරන්නේ 2000 වසරේ මාර්තු 10 වැනි දිනය.

2002 ජූලි 19 වැනිදා ඔහු "පුංචි සුරංගනාවී"ප්‍රදර්ශනය කළේය.

මේ දිනවල "ආදරණීය කතාවක්" තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින ප්‍රියන්ත කොළඹගේ සිය මුල්ම ළමා චිත්‍රපටය "අරැමෝසම් වැහි" තිරගත කළේ 2002 වසරේ දෙසැම්බර් මස 20 වැනිදාය.

2004 ජනවාරි 23 තිරගත වූ "සූරිය අරණ" තුළින් සෝමරත්න දිසානායක යළිත් ළමා ලෝකය ස්පර්ශ කරන්නට සමත් විය.

ඒ.ඒ. ජුනෙයිදීන් සහ සුරේෂ් කුමාරසිංහ එකතුව 2005 වසරේ පෙබරවාරි 24 දින "සඳුනි" චිත්‍රපටය නිර්මාණය කළේය.

2005 වසරේ සැප්තැම්බර් මස පළමුවැනිදා සිට සෝමරත්න දිසානායකගේ "සමනළ තටු" චිත්‍රපටය තිරගත විය.

2008 මාර්තු 06 වැනි දින සෝමරත්න දිසානායක ඔහුගේ "සිරි රජ සිරි" චිත්‍රපටය ප්‍රදර්ශනය කළේය.

ජූඩ් මුත්තයියාගේ "අලි පැංචා මගෙ මිතුරා" ළමා චිත්‍රපටය 2008 ජුනි 27 සිට තිරගත විය.

සිරිමල් විජේසිංහගේ "පිටසක්වල කුමාරයයි පැංචෝ හතයි" චිත්‍රපටය 2008 ජුලි 24දා ප්‍රදර්ශනය විය.

2009 අගෝස්තු 11 දින සිට ප්‍රදර්ශනය වූ "අපේ යාළු පුංචි භූතයා" ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයකි. සුනිල් අරැණ වීරසිරිගේ "ටිකිරි සුවඳ" චිත්‍රපටය 2010 නොවැම්බර් 10 වැනි දින සිට තිරගත විය. අශෝක හඳගමගේ "විදු" ළමා චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ 2010 දෙසැම්බර් 10 වැනි දිනය.

ජනප්‍රිය රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රාගේ නිෂ්පාදනයෙන් නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ "අඟර දඟර" ළමා චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය වූයේ 2011 අප්‍රේල් පළවෙනිදාය.

2012 මාර්තු 30 වැනි දින සිට ප්‍රදර්ශනය වූ "කුරැමිට්ටෙක් ඇවිල්ලා" ඒ.ඒ. ජුනෙයිදීන්ගේ අධ්‍යක්ෂණයකි.

සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනයෙන් වී. සිවදාසන් අධ්‍යක්ෂණය කළ "දරැවනේ" චිත්‍රපටය 2012 ජුලි 26 දින සිට තිරගත විය.

සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය විසින් නිෂ්පාදිත "සිරි පැරකුම්" චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය වූයේ 2013 මැසි 30 වැනිදාය.

2013 අගොස්තු 23 දින තිරගත වූ "රන්කෙවිට 2" උදයකාන්ත වර්ණසුරියගේ අධ්‍යක්ෂණයකි.

සුනිල් ටී නිෂ්පාදනයෙන් වී. සිවදාසන් අධ්‍යක්ෂණය කළ "දෝණි" චිත්‍රපටය 2013 දෙසැම්බර් 19 වැනි දින සිට ප්‍රදර්ශනය විය.

2014 ජුලි 31දා සිට සිරි කුලරත්නගේ "රාස්ස කැලේ" ළමා චිත්‍රපටය ප්‍රදර්ශනය විය.

ජනිත මාරසිංහගේ "මගේ යාළු මාළු" චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශනය වූයේ 2015 ජනවාරි 22 වැනි දිනය.

සම්මාන රුසකට පාත්‍ර වූ ඉන්දික ෆර්ඩ්නැන්ඩුගේ "හෝ ගානා පොකුණ" චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹුණේ 2015 දෙසැම්බර් මස 11 වැනි දිනය.

2016 මාර්තු 18 දින සිට තිරගත වූ "වීර වර්ණ" ළමා චිත්‍රපටය ෂාහිරැ රණසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලදී.

 

රමේෂ් උවයිස්

 

2016-10-02-ent-67



අදහස් (0)

පුංචන්ගේ Films

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site